අයවැයෙන් කළේ "ආර්ථික අර්බුදය" නැමැති "ඇවිලෙන ගින්නට" තව "පිදුරු ගොඩක්" දමපු එකයි - විමල් වීරවංශ
ජනාධිපතිවරයා කවර පුරාජේරු කතා කියූවත් මෙවර අයවැයෙන් සිදු කර ඇත්තේ මේ රට ඇද වැටී ඇති "ආර්ථික අර්බුදය" නමැති "ඇවිලෙන ගින්නට" තව "පිදුරු ගොඩක්" ගෙනැවිත් දැමීම බවත් එමගින් ජනතාවගේ ජීවන බර, බදු බර තවදුරටත් වැඩි කරනු ලැබ ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ(23) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ව්මල් වීරවංශ මහතා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.
නඩුවට මොකද වුණේ?
අද අධිකරණය විසින් අලුතෙන් චෝදනා සංශෝධනය කිරීමක් සිදු කළා. ඒ අලුත් චෝදනාවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේ නීතිඥ මහත්වරුන් අවස්ථාව ඉල්ලා සිටියා. එම මූලික විරෝධතා අපේ නීතිඥ මහත්වරුන් විසින් ඊළඟ නඩු දිනය වන 2024 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැන් මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා ද?
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා නම් අපි ඉන්න ඕනේ ආණ්ඩුව ඇතුළෙනෙ. අපි විපක්ෂයේ ඉන්නේ "ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙළින්, මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඑන්නේ නැහැ" කියන මතය දරන නිසයි. මේ යන්නේ "එදා වේල ටුවර්ස් ගමනක්" මිසක් මේ ගැඹුරු ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න ගමනක් නොවෙයි. අයවැයෙනුත් කළේ බදු බර-ජීවන බර තවත් වැඩි කරපු එක. ඒ කියන්නේ "ආර්ථික අර්බුදය" කියන "ඇවිලෙන ගින්නට" තව "පිදුරු" ගෙනැවිත් දමපු එක.
විපක්ෂයට අයවැය පරාජය කරන්න පුළුවන් ද?
අයවැය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට සංඛ්‍යාත්මක බලයක් තිබෙනවා ද? කියන එක නොවෙයි වැදගත්. මේ අයවැයෙන් මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ සේයාවක්වත් පෙනෙනවා ද? කියන එකයි වැදගත්.
කොහොම වුණත් වැටුණු තැනින් රට ඉස්සරහට ගෙන යන්න ආණ්ඩුව දැන් විපක්ෂයේ සහාය ඉල්ලනවානේ...
මේ ආණ්ඩුව සහාය ඉල්ලනවා කියන්නේ 'ඇමැති කටු සූප්පු කරන්න එන්න' කියන එකයි.
ජනාධිපතිවරයා පවසනවා, "2024 වසරේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම පවත්වන්න කටයුතු කරනවා" කියලා...
නීතියට අනුකූලව ජනාධිපතිවරණය නම් ඊළඟ වසරේ අගභාගය වන විට පැවැත්විය යුතුයි. මහ මැතිවරණය පවත්වනවා නම් ඔහු එය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුවයි. ජනාධිපතිවරණය නිසැක ලෙසම පැවැත්වීමට සිදු වෙනවා. කල් දැමීමට පුළුවන් උප්පරවැට්ටියක් සොයා ගැනීමට හැකිවේවි, කියා අපට පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ඔය අදහස පළ කරන්න ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වෙන්න යන්නේ?
ක්‍රිකට්වල ඇති වෙලා තිබෙන පිරිහීම නැති කරන්න පුළුල් රැඩිකල් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. සාම්ප්‍රදායික පාලන ව්‍යුහයකින් ඒක ගොඩදාන්න පුළුවන් වෙයි, කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
ICCය කියනවානේ, "මෙතැන දේශපාලන අතපෙවීමක් තිබෙන්නේ" කියා...
මේක දේශපාලන අත පෙවීමක් කියලා අර්ථකථනය කරන්න බැහැනේ. අද මේ ක්‍රිකට්වල ඇති වෙලා තිබෙන තත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියා භේදයකින් තොරව එක මතයක් තිබෙනවා. එක දේශපාලන මතයක් නොවෙයි. ඒක මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ඉහළට ඔසවා තැබීම පිළිබඳ අභිලාෂයක්. ඒ නිසා "මෙතැන දේශපාලන අතපෙවීමක්, ඇඟිලිගැසීමක් තිබෙනවා" කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්