ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කරලා...අදිසි හස්තයක් ඇත්දැයි සැකයි - සජිත් කියයි
ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් දා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට මීට පෙර වගකීමෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නොවැම්බර් 6, 7 සහ 9 යන තෙදින මෙරට ක්‍රිකට් පරිපාලනය අයි. සී.සී. සභාපතිවරයාට යොමු කර ඇති ලිපි සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මේ ලිපිවල බරපතළ කරුණු රැසක් ඇති බවත් එක ලිපියක මේ අන්තර්වාර කමිටුව පත් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස සඳහන් වුවත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 විධිවිධන අනුව ක්‍රීඩා ඇමැතිවරයාට එම බලතල ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය මෙය වුවත් එවැනි නීතියක් නැති ආකාරයට ක්‍රිකට් පරිපාලනයට ලිපි යැවීමට හැකිදැයි ගැටලුවක් බවයි.
මෙරට ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරයට බොරු කියා ශ්‍රී ලංකා ක්‍රිකට් හි දූෂණ වංචා සහ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධ විගණන වාර්තාව, චිත්‍රසිරි වාර්තාව සහ කුසලා සරෝජනී වාර්තාවට පවා වාරණ නියෝග දමා ඇති බවත් බොරු කියමින් සැමටම උඩින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදිසි හස්තයක් ඇති බවට සැකයක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති