
ස්වෛරී බැඳුම්කර බිලියන 13කට වඩා ගත්තු කෙනා ජනාධිපති කරලා, නඩු තීන්දුවෙන් 'ඌයියා' වුණා කිව්වාට වැඩක් නැහැ - විමල් පාර්ලිමේන්තුවේදී කියයි
අවුරුදු හතරහමාරක් තිස්සේ ස්වෛරී බැඳුම්කර බිලියන 13කට වඩා ගත්තු කෙනා ජනාධිපති කරලා නඩුතීන්දුවෙන් 'ඌයියා' වුණා කිව්වට වැඩක් නැති බවත්, නීති අණපනත් හා නිලධාරීන් ලබාදෙන තීරණවලට අනුව පමණක් කටයුතු කරන්නේ නම් මහජන ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව ඊයේ(17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම නඩු තීන්දුව මගින් රාජපක්ෂවරු ඇතුළු පිරිසක් ආර්ථික ඝාතකයන් බව ඔප්පුවී ඇති බැවින් ආර්ථිකය කඩාවැටීමට හේතු හොයන තේරීම් කාරක සභාවකින් තවදුරටත් පළක් නැති බව සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මත්‍රීවරයා සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පළ කළ අදහස් සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ නීති අණපනත් හා නිලධාරීන් ලබාදෙන තීරණ අනුව පමණක් කටයුතු කරන්නේ නම් මහජන ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රුපියල අවප්‍රමාණය කිරීමට උපදෙස් ලබාදුන්නේ ඉන්දියාවේ සිටින මිලින්ද මොරගොඩ බවද, එසේ කළයුතු දැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගෙන් හිටපු ජනාධිපතිවරයා විමසූ විට 'ඒක නල්ලම් වැඩේ' කියා ඔහු උපදෙස් දුන් බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අඩුම තරමේ ගෝඨාභය ජනාධිපතිවරයාට එම යොජනාව කැබිනට්ටුවට ගෙන ඒමට යුතුකමක් තිබූූ බවත්, එසේ වූවා නම් අලුතෙන් පැමිණි මහ බැංකු අධිපතිට මෙම පනත අනුව තමාට එසේ කිරීමට නොහැකි බව කීමට නොහැකි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම ජනාධිපතිට මොළේ කළඳක් හෝ තිබුනා නම් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවත්, නීති පොත්වල මොනවා තිබුනද විධායකය හා කැබිනට්ටුව එසේ තීරණයක් ගන්නවා නම් එය අභිබවා යාමට උසාවි යා යුතු බවත්, ඒ නිසා නීතිපොත්වල තිබෙන කරුණු පමණක් පවසමින් ගැලවීමට නොහැකි බවත් විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ආර්ථිකය කඩාවැටීමට ඒ අය ගත් තීරණ පමණක් බලපෑවේ නැති බව හා ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බිලියන 13ක් ගැනීමත්, ඒවා එකතුවී නිර්මාණය වුනු සමස්ත ණය වාරිකය ගෙවාගැනීමටවත් නොහැකි වූ නිසා ආර්ථික අර්බුදය නිර්මාණය වූ බව පිළිගැනීමට මෙන්ම පී.බී. ජයසුන්දර වැනි ආර්ථික ඝාතකයකු කීයූ ලෙසට 'නටපු නැටිල්ලේ' ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇති වූ බව පිළිගත යුතු බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
