රටේ හැමෝම මහින්දලාගෙන් 150,000 ගාණේ ඉල්ල ගන්න - ලක්ෂ්මන් කිරිඇල්ල
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත්දෙනාගෙන් මෙරට සෑම පුද්ගලයෙකුටම රුපියල් 150,000 බැගින් ලබා ගැනීමේ හැකියාව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.
"රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් යන අය ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අපි මුල ඉඳන්ම කිව්වේ මේක. අපි අවුරුදු තුනක් කතා කළත් කවුරුත් මේක පිළිගත්තේ නෑ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට, පෙත්සම්කරුවන්ට හිස නමනවා.
මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන