News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද උප ජනාධිපති ‘ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීම්’ සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අනතුරු අඟවයි

Mar 15, 2025 at 06:17 PM
|

ළිහිල් දේශසීමා පාලන ප්‍රතිපත්ති සහ නිදහස් භාෂණයට ඇති සීමාවන් හේතුවෙන් බොහෝ යුරෝපීය රටවල් “ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීමේ” අද්දරට පැමිණිය හැකි බවට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීම පසුගිය මාසයේ මියුනිච් ආරක්ෂක සමුළුවේදී ඔහු කළ ප්‍රකාශය නැත ප්‍රතිරාවය නැංවීමක් බව දේශපාලන විෂ්ලේශකයෝ පවසති.

ඊයේ(14) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ප්‍රවෘත්ති නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, වාන්ස් එක්සත් ජනපදය සහ යුරෝපය අතර ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතා ඉස්මතු කරමින් කරුණු දැක්වූ ඔහු යුරෝපා මහාද්වීපය “බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල” ලෙස සඳහන් කළ අතර, යුරෝපා මහාද්වීපය දැන් විශාල අවදානමක පවතින බවට ඔහු කරුණු ගෙන හැර පෑවේය.

“ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමට හේතු වූ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය පිළිබඳ සමස්ත අදහසම යුරෝපයේ නිර්මාණය වූවා. සංස්කෘතික බැඳීම්, ආගමික බැඳීම් වැනි දෑ දේශපාලන එකඟ නොවීම්වලින් ඔබ්බට පවතිනු ඇත.” වාන්ස් පැවසීය.

නීතිවිරෝධී සංක්‍රමණ වැනි ගැටළු සම්බන්ධයෙන් පුරවැසියන් විරෝධතා දක්වන විට නිදහස් භාෂනයට සීමා දැමීමට ගන්නා උත්සාහයන් සමඟ ඒකාබද්ධව දේශසීමා පාලනය කිරීමට ඇති අකමැත්ත හෝ නොහැකියාව බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට වාන්ස් අනතුරු ඇඟවීය.

“ [එක්සත් ජනපද ජනාධිපති] ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය නායකයින් ගණනාවක් තේරී පත් වූ දේශසීමා ආක්‍රමණය වැනි මාතෘකා පාදක කරගෙන වුවද ඔවුන්ට ඔවුන්ගේ දේශසීමා පාලනය කිරීමට නොහැකි හෝ අකමැති - බොහෝ රටවල් .. එම පුරවැසියන් ඔවුන්ට එරෙහිව  විරෝධතා දක්වන විට, ඔවුන් තමන්ගේම පුරවැසියන්ගේ අදහස් දැක්වීමේ නිදහසට සීමා පැනවීමට පටන් ගන්නා බව ඔබට නිරීක්ෂනය කළ හැකියි.” උප ජනාධිපතිවරයා පැහැදිලි කළේ යුරෝපීය රටවල් මෙම ගැටළු විසඳීමට පටන් ගනු ඇතැයි බලාපොරොත්තුව පළ කරමිනි.

ඔහුගේ ස්ථාවරය එක්සත් ජනපදය සහ එහි යුරෝපීය හවුල්කරුවන් අතර සබඳතා පළුදු කළ හැකි බවට එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, මිත්‍ර පාක්ෂිකයින් අතර අවංක සාකච්ඡා අත්‍යවශ්‍ය බව වාන්ස් තර්ක කළේය.

“ඔබට ජර්මනිය වැනි රටක් සැලකිල්ලට ගත හැකි නම්, ඔබට ජර්මනිය සමඟ සංස්කෘතික වශයෙන් නොගැලපෙන රටවලින් තවත් මිලියන කිහිපයක් සංක්‍රමණිකයන් පැමිණෙන්නේ නම්, යුරෝපය ගැන මා සිතන දේ වැදගත් නොවේ,” ඔහු පැවසීය.

යුරෝපා සංගමය තුළ පාලනය නොකළ සංක්‍රමණ එක්සත් ජනපදයට ප්‍රතිවිපාක ඇති කළ හැකි බව වාන්ස් තවදුරටත් පැවසීය. මන්ද සමහර පුද්ගලයින් අවසානයේ ඇමරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ හැකි යැයි ඔහු අවධාරණය කළේය.

“යුරෝපය සමෘද්ධිමත් වීම දකින්නට මට අවශ්‍යයි. ඔවුන් අමෙරිකාවේ වැදගත් සගයෙකු වීම දැකීමට මට අවශ්‍යයි. එලෙස නවගමනක එක් කොටසක් වනුයේ යුරෝපය තමන්ගේම ජනතාවට ගරු කිරීම, තමන්ගේම ස්වෛරීභාවයට ගරු කිරීමයි. තේරුම්ගත යුතු කාරණය නම් ඇමරිකාවට ඔවුන් වෙනුවෙන් එම කාර්යය කළ නොහැකි වීමයි.” ඔහු පැවසීය.

පෙබරවාරි මාසයේදී, මියුනිච් ආරක්ෂක සමුළුවේදී වාන්ස් ආන්දෝලනාත්මක දේශනයක් පැවැත්වූ අතර, යුරෝපීය නායකයින් තමන්ගේම ඡන්දදායකයින්ට බිය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ "වැරදි තොරතුරු" වලට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් විරුද්ධ හඬවල් වාරණය කිරීම සම්බන්ධයෙන් විවේචනය කළේය.

"යුරෝපයට සාපේක්ෂව මම වැඩිපුරම කනස්සල්ලට පත්වන තර්ජනය රුසියාව නොවේ, එය චීනය නොවේ, එය වෙනත් කිසිදු බාහිර නළුවෙකුද නොවේ... මම කනස්සල්ලට පත්වන්නේ ඇතුළතින් එන තර්ජනය සම්බන්ධවයි." වාන්ස් පැවසූ අතර පසුව ට්‍රම්ප් පවසා සිටියේ වාන්ස් "ඉතා දක්ෂ" කරුණු දැක්වූ කතාවක් බවයි.

Vance warns EU of ‘civilizational suicide’

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.