පාකිස්තානයේ දැවැන්ත කොටසක් කැඩී වෙනම රාජ්‍යක් බිහිවීමට යයි..
පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ 'X' සටහනක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව පවසයි.
සිය කලාපයේ දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රචණ්ඩත්වය, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් එම සටහනෙන් දක්වා ඇත්තේ, බලොචිස්තාන් පාකිස්තානයෙන් නිදහස ප්‍රකාශ කරන බවයි.
එමෙන්ම ඔහු ඉන්දියානු පුරවැසියන්ගෙන්, මාධ්‍ය, යූ ටියුබ් ඇතුළු සමාජමාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බලොචිස්තාන්, පාකිස්තානයේම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසයි.
බලොචිස්තාන් තවදුරටත් පාකිස්තානය නොවන බවත්, බලෝචි ජනතාව වීදි බැස පාකිස්තානයෙන් වෙන්වීමේ සතුට පළකරන බවත් එහි දැක්වේ.
පාකිස්තානයේ සමස්ත මුළු භූමි ප්‍රමාණයෙන් 44%ක්ම නියෝජනය වන්නේ බලොචිස්තාන් පළාත වන අතර, කෙසේ නමුත් බලොචිස්තාන් යනු පාකිස්තානයේ අඩුම ජනගහනයක් ඇති පළාතද වේ.
බලොචිස්තාන් කලාපය ඉරානය හා ඇෆ්ගනිස්තායට මායිම්ව තිබෙන ප්‍රදේශයයක්ය.
බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් කලක සිට පාකිස්තානු රජයන්ට එරෙහිව දැවැන්ත අරගලයක ද නිතරව සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්