යුද්ධයෙන් වැසීගිය මඩකලපුවේ එකම සිංහල පාසලක්වත් විවෘත්ත කිරීමට හැකිවී නැහැ... පාසල් කැලේටම යටවෙලා
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කරති.
යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කරති.
යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත්, මෙම තත්වය යටතේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් ඇතුළු පරිත්‍යාගශීලීන්, දානපතින්, මැදිහත්වීමෙන් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත්, එමෙන්ම පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් සිදුකරන බවත්, මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත් උන්වහන්සේ පවසති.
(තොරතුරු හා ඡායාරූප ලංකාදීප පුවත්පතිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති