ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවකු මහෙස්ත්‍රාත් අභිමතය පරිදි ඕනෑම කාලයක් රඳවා ගන්න ගෝඨාභය පැනවූ රෙගුලාසි නීතිය බලරහිත කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021.03.12 වැනිදා නිකුත් කළ 1/2021 දරන රෙගුලාසි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීතිය හමුවේ බලරහිත රෙගුලාසි බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ ගාස්තු ගෙවන ලෙසට ඊයේ (13 දා) රජයට නියම කළේය.
ආගමික අන්තවාදය පැතිරවීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් එලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩකඩ සලසමින් එම රෙගුලාසිය නිකුත් කර තිබූ අතර, එම රෙගුලාසි අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සිතාරා සෙරින් අබ්දුල් සාරුර් හා අම්බිකා සෙත්කුගාතන් යන පෙත්සම්කරුවන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාග කළ බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම නියෝගය කළහ.
එකී රෙගුලාසි මගින් පෙත්සම්කරුවන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (1) සහ 13 ව්‍යවස්ථා යටතේ හිමිකරදී ඇති මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල, එකී රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා සලකා බැලීමටත් නුසුදුසු බවට නිගමනය කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති හේවාමාන්න යන මහත්වරුන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා රජය වෙනුවෙන් පෙනී සිටියේය. අතරමැදි පාර්ශ්වකරු වෙනුවෙන් නීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා සමග නවීන් මහ ආරච්චිගේ මහතා පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති