News Category
From Date
To Date
Maximum Number of Result

සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්

Jan 14, 2025 at 11:01 PM
|

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා"  ලෙස  හඳුන්වන  එඩ්වඩ් බර්නේස් යනු  නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය. ඔහු මානව මනෝවිද්‍යාව පිළිබඳ ඔහුගේ අවබෝධය උපයෝගී කරගනිමින් මහා ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලන ප්‍රභූන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා නූතන පරිභෝජනවාදය සඳහා මූලික අඩිතාලම දැමූ පුද්ගලයාය. ඇමරිකානුවන්ගේ උදෑසන ආහාරය අද දකින්නට තිබෙන ආකාරයෙන් පෙනෙන්නේ මන්දැයි යන කාරණය සම්බන්ධයෙන් ස්තූති කිරීමට හෝ දොස් පැවරීමට පෙරට එන්වවට වඩා පහසුවෙන් සියල්ලන්ගේ  ඇස් ඇරෙන සුළු කාරණයක් තිබේ. "බීච් නට්"  නම් ඇසුරුම් සමාගම නිෂ්පාදනය කළ ප්‍රධාන නිෂ්පාදනයක් වන බේකන් අමෙරිකානු සමාජය තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් පොරබදමින් සිටියහ. අවසානයේදි කිසිදු ප්‍රගතියක් අත්පත් කරගැනීමට නොහැකි වූ තත්වයක් තුළ සමාගම එඩ්වඩ් බර්නේස්ගේ පිහිට පැතූහ. සාමාන්‍ය ඇමරිකානුවෙක් ඉතා සැහැල්ලු උදෑසන ආහාරයක් එනම් සාමාන්‍යයෙන් කෝපි හෝ පාන් සමඟ දොඩම් යුෂ අනුභව කිරීමට පුරුදුවී සිටියහ. එවැනි තත්වයක් යටතේ බර්නේස් සාමාන්‍ය ඇමරිකානුවෙකුට ඔවුන් අනුභව කළ යුතු දේ සත්‍යවශයෙන්ම තෝරා දිය යුත්තේ කවුරුන් විසින්දැයි විමසිලිමත් විය. එහිදී ඔහු එක්තරා අමෙරිකානු වෛද්‍යවරයෙකු මුණ ගැසී උදෑසන ආහාරයට සැහැල්ලු ආහාරයක් ගැනීමද බර ආහාරයක් ගැනීමද සුදුසු යන ප්‍රශ්නය නැගීය. එහිදී ඔහු පිලිතුරු ලෙස ලබා දුන්නේ රාත්‍රී නින්දේදී ශරීරයේ ශක්තිය වැයවන බැවින් දිවා කාලයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උදෑසන ආහාර වේල බර ආහාරයක් විය යුතු බවයි. එහිදී එඩ්වඩ් බර්නේස් ඉතා උපක්‍රමශීලීව එම වෛද්‍යවරයා ලවා කිසිදු මුදලක් වැය නොකර ඔහුගේ මතය අනෙකුත් වෛද්‍යවරු පිලිගන්නේදැයි විමසීමට අමෙරිකාව පුරා සිටින වෛද්‍යවරු 5000ක් වෙත උදැසන ආහාර වේල සැහැල්ලු ආහාරයක් විය යුතුද බර ආහාරයක් විය යුතුද යන පැනය විමසා ලිපි යැවීය. එම ලිපියට අමෙරිකාව පුරා විසිරී සිටින වෛද්‍යවරු 4,500 ක් උදෑසන ආහාර වේල බර ආහාර වේලක් විය යුතු බවට තවුරු කර පිළිතුරු ලිපි එවූහ. එම ලිපිවල මතය භාවිත කර එඩ්වඩ් බර්නේස් අමෙරිකානු පුවත්වල  වෛද්‍යවරු බිත්තර සහ බේකන් ඇතුළත් බර උදෑසන ආහාරයක්, සැහැල්ලු උදෑසන ආහාරයට වඩා ප්‍රයෝජනවත් බව සොයාගත් බව පවසමින් දැන්වීම් ලිපි ආදිය පල කිරීමට කටයුතු කළයේ. ඒ අනුව සමස්ත ඇමරිකානු ජනයාගේ උදෑසන ආහාරයට බේකන් එකතු වීම උපත ලැබුවේය. එම තත්වය "බීච් නට්" සමාගමේ බේකන් අලෙවියෙහි විශාල වැඩිවීමකට හේතුවිය. 

එලෙසම එඩ්වඩ් බර්නේස්ට, ඇමරිකානුවාගේ උදෑසන ආහාරයට බේකන් සහ බිත්තර හඳුන්වා දීමේ (ආගෞරවය හිමි වේ.ම්අමෙරිකාවෙන් පටන් ගත් "උදැසන ආහාර වේලට බර ආහාරයක් ගන්න" යන කාරණය ලොව පුරා ප්‍රචලිත විය. අවසානයේදී "උදේට රජෙක් වගේ කන්න" යන කියමනද නිර්මානය වන්නට හෝ හිතා මතා නිර්මානය කරන්නට ඇතැයි සිතිය හැක.

උදෑසන ආහාරයේ කෙටි ඉතිහාසය සැකෙවින්

බොහෝ මිනිස් හැසිරීම් මෙන්ම, උදෑසන ආහාරයද ඉතිහාසය පුරා විලාසිතාවන්ට ගොදුරු වී තිබෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. ඇති අතර එයින් බැහැර වී ඇත. ආහාර පිසීමේ වෙනස්කම් සමාජ සම්මතයන්, ආහාර සුරක්ෂිතතාව සහ සදාචාරාත්මක භීතිකාවන් ඇතුළු බොහෝ දේවල එම විලාසිතාවන් දක්නට හැකි බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

දිනපතා උදෑසන ආහාර වේලක පළමු වාර්තාව පුරාණ ඊජිප්තුවෙන් හමුවේ. ඊජිප්තු ගොවීන් රැකියාවට යාමට පෙර උදෑසන බියර්, පාන් සහ ළූණු පරිභෝජනය කර ඇති බවට සාක්ෂි ඇතැයි පැවසේ. එය සාමාන්‍යයෙන් බර ආහාර වේලක් වූ අතර පුරාණ ඊජිප්තු ගොවියෝ දවස අවසන් වන තුරු නැවත කිසිවක් ආහාරයට ගෙන නැති බවද මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මධ්‍යතන යුගයේදි කතෝලික පල්ලිය විසින් උදෑසන ආහාරය ගැනීම "කෑදරකමක්" ලෙස සලකනු ලැබූ බැවින් එකල මිනිසුන් උදෑසන ආහාර වේල අනුභව ක්‍රීමෙන් වැලකී සිට ඇත. සාමාන්‍යයෙන් මහලු පුදගලයන් , අසනීප පුදග්ලයන්, දරුවන් සහ කම්කරු පිරිමින් පමණක් උදෑසන ආහාරය ගත් අතර ඔවුන්ට සාමාන්‍යයෙන් බර දහවල් ආහාර වේලට යාමට තරම් උවමනාවක් පැන නොනැගී ඇතැයි පැවසේ. 

උදෑසන ආහාරය යන පදය 15 වන සියවසේ යුරෝපයේ ආරම්භ වූ නමුත් උදෑසන ආහාර ගැනීම 1600 ගණන් වන තෙක් යුරෝපයේ දෛනික චාරිත්‍රයක් බවට පත් නොවීය. එසේ වී ඇත්තේ බොහෝ අය දිනපතා රැකියාවට යාමට ආරම්භ කළ කාලය වීම නිසායැයි කියවේ.

බේකන් සහ බිත්තර: එකට එකතු වීමට පෙර

ආහාර ඉතිහාසඥයින්ට අනුව, මිනිසුන් වසර මිලියන 6 ක් පමණ බිත්තර අනුභව කර ඇති අතර, මුලින් ඒවා කැලෑ පක්ෂීන්ගේ කූඩුවලින් රැගෙන අමුවෙන් අනුභව කර ඇත. ක්‍රි.පූ 3200 වන විට ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනය සඳහා කැලෑ පක්ෂීන් හීලෑ කරන ලද අතර, පුරාණ ඊජිප්තුව සහ පුරාණ චීනය කිකිළියන් හීලෑ කළ පළමු සමාජයන් බව සැලකේ.

බේකන් වල ඉතිහාසය ක්‍රි.පූ 1500 දක්වා දිවෙන අතර එය පැරණිතම සතුන්ගේ මස් වලින්  කපා සැකසූ ආහාරය බවට හඳුනාගෙන තිබේ. 'බේකන් ගෙදර ගෙන ඒම' යන වාක්‍ය ඛණ්ඩය ආරම්භ වූයේ 12 වන සියවසේ එංගලන්තයේ ය. විවාහක පුරුෂයෙකුට වසරක් තුළ තම බිරිඳ සමඟ වාද නොකළ බවට දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්‍රිය හැකි නම්, ඔහුට බේකන් කොටසක් පිරිනමනු ලැබේ. ඒ අනුව 'බේකන් ගෙදර ගෙන ඒම' මහත් ගෞරවයක් ලෙස සලකන්නට විය.

ලොව පුරා උදෑසන ආහාරය

බේකන් සහ බිත්තර මේ වන විට ඕනෑම තැනක පාහේ සොයාගත හැකි වුවද, බොහෝ රටවල උදෑසන ආහාරය ලෙස මතකයට එන පළමු ආහාරය එය නොවේ.

 මිසෝ සුප්, සුදු බත් සහ මාළු ජපානයේ පොදු ජනයාගේ උදෑසන ආහාරය වේ. ජපනුන්ගේ උදෑසන ආහාරය සාමාන්‍යයෙන් සැහැල්ලු ආහාර වේලක් වන අතර බොහෝ විට හරිත තේ සමඟ මුසුවනු ඇත.

ඉන්දියාවේ උදෑසන ආහාරය, ආහාර කලාපය අනුව වෙනස් වේ. නමුත් උදැසන ආහාරය සාමාන්‍යයෙන් දිවා ආහාරයේදී හෝ රාත්‍රී ආහාරයේදී අනුභව කරන ආහාර වලට සමාන වන අතර රොටි, තොසේ, කුළුබඩු සහිත අර්තාපල් හෝ විවිධ චට්නි එයට ඇතුළත් විය හැකිය.

නෝර්ඩික් රටවල් සාමාන්‍යයෙන් සීතල මස්, මාළු, චීස් හෝ එළවළු සමඟ උදෑසන ආහාරය සඳහා සැන්ඩ්විච් අනුභව කරයි.

ශක්ෂුකා යනු උතුරු අප්‍රිකාවේ ආරම්භ වූ උදෑසන ආහාරයකි. එය දැන් සමස්ථ මැද පෙරදිග පුරා ජනප්‍රිය වී තිබේ. එය තක්කාලි සෝස් එකක තැම්බූ බිත්තර වලින් සමන්විත වන අතර සාමාන්‍යයෙන් උණුසුම් පිටා හෝ නාන් සමඟ පිරිනමනු ලැබේ.


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.