පාලකයන්ට හොඳ පැත්ත පෙන්වා දුන්නත් යන්නෙම වැරදි පාරක - මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති
රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සහ මහනුවර කෞතුක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිලි දෙකක් ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගැනීමට එරෙහිව මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නිලධාරීන් මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය .
එහිදී එම වෘත්තිය සමිති නිලධාරීන් මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ නුවරඑළියට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙසට මහනායක හිමියන් මැදිහත්ව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි .
එහිදී මහා නායක හිමියන් වෘත්තී සමිති නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ නුවරඑළියේ එම කෞතුක ගොඩනැගිල්ල වෙනත් කටයුත්තකට යොදා ගන්නවාට එරෙහිව විදේශිකයන් පවා විරෝධතාවයේ යෙදෙන අයුරු තමන් වහන්සේ දුටු බවයි .
එම ගොඩනැගිල්ල මීට පෙර දී ද මේ ආකාරයෙන් අත්පත් අත්පත්කර ගැනීමට උත්සහ කළා නේදැයි මල්වතු මහ නාහිමියන් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඔවුන් මහා නා හිමියන් හමුවේ පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරය දැරූ 2018 වසරේ දී මේ ආකාරයෙන්ම එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි .
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම