අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් එළියට
ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස්කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව එම නව ව්‍යවස්ථා කෙටුම්පතේ සඳහන් වෙයි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කර තිබේ.
එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පත්කරන ලද සාමාජිකයන් වන අතර, 10 දෙනෙකු ඡන්දයක් මඟින් තෝරාගැනීම සිදු කරයි.
පත්කරනු ලබන 08 දෙනා තෝරාගැනීම සඳහා වෙනම 06 දෙනෙකු ගෙන් සමන්විත නාමයෝජනා කමිටුවක් සකස් කර ඇති අතර, එහි සාමාජිකයන් පහතින් දැක්වෙයි.
1) ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති
2) වරලත් ගණකාධිකාරවරුන් ගේ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන ලද එම ආයතනික කමිටු සාමාජිකයෙක්.
3) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙක්.
4) ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
5) slid ආයතනයේ සභාපතිවරයා හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
6) CIMA ආයතනයේ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
ඉහත නම් කරන ලද කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා නම් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 18 දෙනා අතරින් සාමජිකයන් 08 දෙනෙකු තෝරා පත්කර ගැනීම සිදු කළ යතු බව නව ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි සාමාජිකයන් 10 දෙනා අතරින් 05 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා සමාජවලින් නිලවරණයකින් තෝරා ගත යුතු බව නව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි.
ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 05 දෙනා තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය,
ක්‍රීඩකයන් ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
පාසල් ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
කාන්තා ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
විනිසුරුවරුන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
පුහුණුකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
ඉහත සඳහන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල හරහා අධ්‍යක්ෂවරුන් තෝරාපත්කර ගැනීම ඒ ඒ සංගම් සහ ක්‍රීඩා සමාජ හරහා සිදු කළ යුතු බව ද එම නව ව්‍යවස්ථා කෙටුම්පතේ දැක්වෙයි.
ජනපති විසින් මීට පෙර පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වය දැරූ කමිටුව විසින් කෙටුම්පත් කරන ලද මෙම ක්‍රිකට් නව ව්‍යස්ථාව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම