News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු ගැට වලින් ගැලවෙන්නේ කෙසේද? ජාතික සංවිධානවලින් ජනපතිට උපදෙස්

Jan 1, 2025 at 10:06 AM
|

දෙසැම්බර් 31 දින ජාතික පුවත්පතක ලිපියක් පළකරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඉන්දියානු ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ප‍්‍රකාශ මගින් රටට සිදුවිය හැකි විපත පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.

 

ඒ් අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඔහු‌ගේ මාමා සමඟ 1987 සිට ආරම්භ කළ ක‍්‍රියාවලියේ දිගුවක් ලෙස අනුර

දිසානායක ජනාධිපතිවරයාට ‘‘රිලේ බැටන්”‍ එක අතට ගැනීමට සිදුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

 

එම ලිිපියේ විශේෂත්වය යන්නේ එම පහැදිලි කිරීම අනුව ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත්වීම වැළැක්වීම සඳහා ගතයුතු පියවර ඉතා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමය.


එම සම්පූර්ණ ලිපිය පහතින් 


ශ‍්‍රී ලංකා - ඉන්දියානු ඒකාබද්ධ ප‍්‍රකාශ: සැඟවුණු අරමුණු සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම


ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස 2024 දෙසැම්බර් 16 දින නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් සමාජයේ යම් ආන්දෝලනයක් පැන නැගී ඇතග විශේෂයෙන්ම ‘‘එට්කා’’ ගිවිසුම හෙවත් ඉන්දියානුවන්ට සේවා සැපයීම සහ රැකියා සඳහා ශ‍්‍රී ලංකාවට ඇතුල්වීම සඳහා ඉඩ සලසන ගිවිසුම පිළිබඳ සංවාදය නැවත කරළියට පැමිණ ඇත. එදා 2008 දී එම ගිවිසුමට අදාළ ප‍්‍රතිපාදන ‘‘සීපා’’ CEPA)  නමින් ඉදිරිපත් වූ අවස්ථාවේ සිට ලෝක වෙළඳ සංවිධානයේ (GATS)  ගිවිසුම එනම් ජාත්‍යන්තර ගිවිසුමක් යටතට පත්වන සේවා වෙළඳාමට අදාළ ගිවිසුම් ඉන්දියාව සමග අත්සන් කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකාවේ වෘත්තික සංවිධාන විසින් ප‍්‍රබල විරෝධතා දියත් කරනු ලැබුණි. මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිංග් මහතා අදාළ ගිවිසුමට අත්සන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණියද එම විරෝධතා නිසා ඔහුට හිස් අතින් ආපසු යෑමට සිදුවිය.

එම අවස්ථාවේදී අරලියගහ මන්දිරය අබියස විරෝධතාවක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් යම් වෘත්තික සංවිධාන වලින් ඉල්ලීමක් කළ බව යම් පාර්ශ්ව අතර තවදුරටත් රහසක් නොවේ. ඒ අනුව එම විරෝධතා යොදා ගනිමින් අදාල ගිවිසුම අත්සන් නොකර සිටීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. කෙසේවෙතත් අනුර දිසානායක මහතා එකඟ වූ ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් ඉන්දියාවේ විදුලි පද්ධතිය, ශ‍්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සමග ඒකාබද්ධ කිරීම සහ ඛනිජ තෙල් සෘජුව සැපයීම සඳහා මුහුද යටින් විදුලි කේබලයක් සහ තෙල් නලයක් එලීම සඳහා එකඟ වීම තුළ බංගලාදේශයට සිදු වූ විපත ශ‍්‍රී ලංකාවට සිදුවේදැයි යන්න පිළිබඳව ද සමාජයේ සංවාදයක් පැන නැගී ඇත. ඉන්දියාවේ අගමැතිවරයා ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් පමණක් නොව තම විශේෂ කතාව හෙවත් ප‍්‍රකාශය මගින්ද එම උවමනාව අවධාරණය කර ඇත. අනුර දිසානායක ජනාධිපතිවරයා තම කතාව මගින් ඒ පිළිබඳව අවධාරණය නොකිරීමට පරිස්සම් වී ඇතත් ඒ මගින් ඊට වඩා බරපතළ කාරණා සඳහා එකඟතාවය ප‍්‍රකාශ කර ඇත. උදාහරණයක් ලෙස ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන උවමනාව ප‍්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරනය මගින් බංගලාදේශයට සිදු කළ ආකාරයට ශ‍්‍රී ලංකාවේ විදුලි පහන් නිවා දැමීමේ ‘ස්විචය’ ඉන්දියාව විසින් පාලනය කිරීම බරපතල කරුණක් ලෙස මහජන අවධාරණයට ලක් වී ඇත. 

නමුත් ඉන්දියාවේ අගමැතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 2023 ජුලි 21 වැනිදා එකඟ වූ ඉන් පසුව ජනාධිපති අනුර දිසානායක මහතා 2024 දෙසැම්බර් 16 දින එකකතාවය ප‍්‍රකාශ කළ ඒකාබද්ධ ප‍්‍රකාශ වල යටි අරමුණු සහ ඒ මඟින් සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවට අත්වන ඉරණම පිළිබඳව සමාජයේ ගැඹුරු සංවාදයක් පැන නැගී නැත.  කෙසේ වෙතත් මෙවර අනුර දිසානායක මහතා එකඟ වූ ඒකාබද්ධ ප‍්‍රකාශය ඉතා පැහැදිලිව රනිල් වික‍්‍රමසිංහ මහතා ඇති කරගත් එකඟතාවයේ තර්කානුකූල දිගුවක් බව පැහැදිලිව දැක ගත හැක. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවට ගොස් රහසිගතව එකඟ වූ ඒකාබද්ධ ප‍්‍රකාශයේ අඩංගු කරුණු ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් එළිදරව් කරන තෙක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලය දැන නොසිටි බව ඉතා පැහැදිලිය. එසේම එම වකවානුවේදී ඒ පිළිබඳව අද මෙන් සමාජයේ ප‍්‍රශ්න කිරීමක් සිදුවූයේද නැත. නමුත් කරුණු 5ක් යටතේ ගොනු කර තිබූ එම එකඟතාවය පිටු දෙකකින් සමන්විත වූවද ඉතා කෙටියෙන් සහ නිශ්චිත අවධාරණය සහිතව ඉන්දියානු උවමනාවන් ඉදිරිපත් කර තිබුණි. ඒ මගින් ඒකාබද්ධ කරන උපාංග 5ක් මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමඟ ඒකාබද්ධ කළ යුතු බව අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් එදා ජාතික බලවේග විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ එම ක‍්‍රියාවලිය අවසානයේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත්වන බවය. 

මෙවර අනුර දිසානායක ජනාධිපතිවරයා එකඟ වූ ප‍්‍රකාශය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වූ ප‍්‍රකාශයට වඩා දීර්ඝ එකකි. පිටු හතරකින් සමන්විත එම ලේඛනය මගින් කරුණු 34 ක් අවධාරණයට ලක්වී ඇත. එම ප‍්‍රකාශය තුළ රටවල් දෙක අතර දේශපාලන සංවාදය, ආර්ථික සහයෝගීතාවය රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම, ණය ප‍්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික ඒකාබද්ධකරනය, බලශක්ති සංවර්ධනය, ඩිජිටල්කරණය ඇතුළත්ව රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වූ පස්වැදෑරුම් ආර්ථික ඒකාබද්ධ කරන උපාංග සියල්ලට එකඟතාවය ප‍්‍රකාශ වී ඇත. නමුත් 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මගින් දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු කළ යුතු බවට ඉන්දියානු අගමැතිවරයා විසින් සිදුකළ අයුතු බලපෑම ඒකාබද්ධ ප‍්‍රකාශයට ඇතුළත් කර නැත. එදා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා තම ප‍්‍රකාශය මගින් එම උවමනාවට එකඟතාවය ප‍්‍රකාශ කළද අනුර දිසානායක මහතා ඊට අදාළව තම කතාව තුළ එකඟතාවයක් ප‍්‍රකාශ නොකිරීමට පරිස්සම් වී ඇත. ඊට හේතුව තම පක්ෂයේ අතීත උරුමය එම කරුණු මත ගොඩනැගී ඇති බැවින් සහ 13 බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු සමාජයේ බරපතළ විරෝධයක් පැවතීම විය හැක.

නමුත් අනුර දිසානායක මහතා එදා රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වූ සියල්ලට එකඟවන අතර සමාජ සංවාදයකින් තොරව තවත් බරපතළ කරුණු ප‍්‍රමාණයකට එකඟ වී ඇත. ඒ අතරින් පළමුවැන්න ප‍්‍රබල භූ දේශපාලන බලපෑමක් ඇතිවිය හැකි ආකාරයට ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් රාමුවක් (Defence Cooperation) අත්සන් කිරීමට එකඟ වීමය. ඒකාබද්ධව ප‍්‍රකාශය තුළ ආරක්ෂාවට (Security) අදාළ කරුණු වෙනම දක්වා ඇත. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇති කරගත් එකඟතාවය තුළ සහ එතුමාගේ ප‍්‍රකාශය මගින් ආරක්ෂාව යන වචනය විශේෂ අවධාරණයකින් තොරව සඳහන් වුවද ආරක්ෂක යන වචනය හෝ ආරක්ෂක ගිවිසුම් පිළිබඳව කිසිවක් සඳහන් වන්නේ නැත. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා දක්වා වන ගමනේදී ඉන්දියාව පියවර කිහිපයක් ඉදිරියට තැබීමට තීරණය කර ඇති බව පැහැදිලි වේ. වචන වල වෙනස පිළිබඳව පැහැදිලි කිරීමේ දී සඳහන් කළ යුත්තේ ‘ආරක්ෂක Defence යන වචනය තුළ ආරක්ෂක හමුදා, යුධමය බලය, යුධ උපක‍්‍රම, ජාතික ආරක්ෂාව සහ ස්වෛරී භාවය යන බරපතළ කරුණු අන්තර්ගත වන බවය. නමුත් ‘‘ආරක්ෂාව’’ (Security)  යන වචනය තුළ එතරම් බරපතළ නොවව එහෙත් රටක් ලෙස වැදගත් වන ත‍්‍රස්තවාදී තර්ජන, අන්තර්ජාල අපරාධ, සාගර කලාපයේ ආරක්ෂාව සහ හොර ජාවාරම් මැඩලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය පිහිටුවීම ආදිය අන්තර්ගත වේ. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දියානු භූ දේශපාලන උවමනාවන් ඉටු කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා පියවරක් ඉදිරියට තබා ඇති බව පැහැදිලිය. 

එම කරුණු වඩා බරපතළ වන්නේ ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක හෙවත් යුද ගිවිසුම් තුනක් අත්සන් කර තිබීමය. ඊට දෙරටේ ආරක්ෂක හමුදා අතර ඒකාබද්ධතාවය (COMCASA), යුදමය තත්ත්වයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ ඒ සඳහා එකම වේදිකාවක කටයුතු කිරීම (BECA) සහ ශ‍්‍රී ලංකාව සමග ඇමරිකාව අත්සන් කර ඇති ඇක්සා (ACSA) ගිවිසුමට සමාන ආකාරයේ ගිවිසුමක් වන LEMOA නම් වූ ගිවිසුම අයත් වේ. එම තුන්වන ගිවිසුම මගින් රටවල් දෙක අතර යුධමය පහසුකම් සහ ඊට අදාළ සේවා පහසුකම් වලට ප‍්‍රවේශය සහ පිරිස් බලය භාවිතා කිරීම ආදිය අයත් වේ. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ එකඟතාවය යථාර්ථයක් වුවහොත් ශ‍්‍රී ලංකාව QUAD හෙවත් ආසියාවේ NATO  සංවිධානයේ නිල නොලත් සාමාජිකයකු බවට පත්වීම වැළැක්විය නොහැක ඇමරිකාව ඉන්දියාව  ඕස්ට‍්‍රේලියාව සහ ජපානය යන රටවල් හතරකින් සමන්විත QUAD සංවිධානය ගොඩනැගෙන්නේ ඉන්දු පැසිපික් කලාපය තුළ චීනයට එරෙහිව යුධමය ආධිපත්‍යයක් ගොඩනැගීම සඳහාය. ඒ අනුව අදාළ ගිවිසුම් රාමුවට ශ‍්‍රී ලංකාව විසින් අත්සන් තැබුවහොත් චීනය සමග බරපතළ රාජතාන්ත‍්‍රික අර්බුදයක් නිර්මාණය වන බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ එකඟතාවය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇති කරගත් එකඟතාවයට වඩා ඉදිරියට ගොස් ඇත්තේ ඩිජිටල්කරනය සහ ශ‍්‍රී ලංකාවේ සාගර කලාපය තුළ ආරක්ෂක කටයුතු සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධව පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරීත්වය අවධාරණය කර ඇත. ඊට අමතරව ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයේ සීමා නීරණය සහ සාගරය ආශ‍්‍රිත ජලය සහ ගොඩබිම යන කලාපයන්ට අදාළ භෞතික ලක්ෂණ සිතියම් ගත කරන ක‍්‍රියාවලිය හෙවත් මහා සාගරය ආශ‍්‍රත ජලවිද්‍යාවට (Hydrographi) අදාළව ඉන්දියාවේ විශේෂඥයෙකුගේ සහාය සහ සහයෝගීතාවය අපේක්ෂා කරන බව අනුර දිසානායක මහතා තම කතාව තුළින් අවධාරණය කර ඇත. දැනට එම කටයුතු සඳහා බලය ඇත්තේ ශ‍්‍රි ලංකාවේ නාවික හමුදාවට සහ ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයටය. මෙම සිතියම් ගත කිරීම නාවික ගමනාගමනය සඳහා ද ඉතා වැදගත් වේ. 

ඒ අනුව 2021 දී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඇති කරගත් එකඟතාවය අනුව පිහිට වූ සාගර ආරක්ෂාව පිළිබඳව කොළඹ මධ්‍යස්ථානය තුළ ඉන්දියානු ආධිපත්‍ය තවදුරටත් තහවුරු කිරීමට සහ අප රටට අයත් මුහුදු සීමා නීරණය කිරීම මෙන්ම සාගරය ආශ‍්‍රිත ජල විද්‍යාවට අදාළ ක‍්‍රියාවලිය තුළ බරපතළ ඉන්දියානු මැදිහත්වීමකට ශ‍්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා විසින් එකඟතාවය ප‍්‍රකාශ කිරීම යනු බරපතළ තත්වයකි. ඒ මගින් ඉන්දු පැසිපික් කලාපයේ ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත මුහුදේ ආරක්ෂක කටයුතු ඉන්දියානු ආධිපත්‍යයට යටත් වීම වැළැක්විය නොහැක. ඊට අමතරව ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත මුහුදේ කණිජ සම්පත් විශේෂයෙන්ම ඛනිජ තෙල් නිදි සහ කොබෝල්ඞ් වැනි වටිනා ලෝහ නිදිවල අයිතිය පිළිබඳව ඉන්දියාව ප‍්‍රශ්න කරන තත්වයක් තුළ එම තත්ත්වය වඩා බරපතල වේ. මේ වන විට ගොඩබිමේ සිට නාවික සැතපුම් 200ක සාගර කලාපය ශ‍්‍රී ලංකාවට අයත් විශේෂිත ආර්ථික කලාපය ලෙස සැලකේ. ඉන්දියාව තම රටට ආයත් කලාපය නාවික සැතපුම් 350 දක්වා වර්ධනය කිරීමටද සාගර නීතියට අදාළ ජාත්‍යන්තර සම්මුතිය අනුව පිහිටවූ ජාත්‍යන්තර මුහුදු පතුල අධිකාරියට කරුණු දක්වමින් සිටින බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකාව ද තම කලාපයේ අයිතිය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා 2009 සිට ඉල්ලූම් ඉදිරිපත් කර ඇත.

එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවේ අදානි සමාගම විසින් ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ පවතින මධ්‍යම ඉන්දියානු සාගරයට අයත් Afanasy Nikitin යනුවෙන් හඳුන්වන කොබෝල්ඞ් නිදිය ගවේෂණය කිරීම සඳහා නීති විරෝධී උත්සාහයක් ගනු ලැබීය. ඉන්දියාවේ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය අත්පත් කර ගැනීම සඳහා 2024.01.18 දින ජාත්‍යන්තර මුහුදු පතුල අධිකාරියට (ISA) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එය සැලකිල්ලට නොගන්නා තත්ත්වයක් තුළ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව රටවල් දෙකක් ලෙස සාකච්ඡුා මගින් එම ප‍්‍රශ්නය විසඳා ගැනීමට හෙවත් ඉන්දියානු සමාගමක් විසින් එම මහා කණිජ සම්පත අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් ඇත. ඉන්දියාවේ අදානි සමාගමට ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් විවිධ ¥ෂණ ක‍්‍රියා පිළිබඳව චෝදනා එල්ල වී ඇත. එවැනි තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත සාගර කලාපයේ බලාධිකාරිය ඉන්දියාවේ අනුකම්පාවට යටත් කිරීම බරපතළ වගකීම් විරහිත ක‍්‍රියාවක් බව ඉතා පැහැදිලිය. මෙම කරුණු පිළිබඳව දේශපාලන නායකත්වයට ගැඹුරු අවබෝධයක් තිබෙනවාද යන්න සහ යම් නිලධාරීන් විසින් ඒ සඳහා පොළඹනවාද යන්න පැහැදිලි නැත.

ඩිජිටල් කරණයට අදාලව ගත්විට, ජනාධිපති අනුර දිසානායක මහතාගේ කතාව සහ ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් විශේෂිත ඩිජිටල් අනන්‍යතාවයක් සෑම රටවැසියෙකුටම ලබාදීම සහ මූල්‍ය තොරතුරු ඇතුළු රාජ්‍යය තොරතුරු පද්ධතිය ඒකාබද්ධ කිරීම සඳහා මෘදුකාංග හඳන්වාදීමට අමතරව ඩිජිටල් යටිකල පහසුකම් සැපයීම යන අංශ දෙකම ඇතළත්වන ආකාරයට එක`ගතාවයක් ඇතිකර ගත යුතු බව කියැවේ. බැලූ බැල්මට එය ඉතා දියුණු ප‍්‍රවේශයක් බව ජනාධිපතිවරයාට මෙන්ම රටේ මහජනයාට ද පෙනී යා හැක. නමුත් සමස්ත තොරතුරු උප පද්ධති එක් මහා පද්ධතියක් යටතට පත්කර ඉන්දියානු සමාගමක බලාධිකාරියට යටත් කිරීම යනු ඉතා බරපතළ තත්වයකි. බොහෝ පිරිස් ඩිජිටල්කරණයේ ඊනියා ආර්ථික වාසි පිළිබඳව අන්ධානුකරණයෙන් කතා කළද ඩිජිටල්කරණය අධිරාජ්‍යවාදී යටත්විජිත උපාංගයක් ලෙස යොදා ගැනීම පිළිබඳව සමාජ සංවාදයක් ගොඩනැගී නැත. ඉන්දියානු දාර්ශනික විද්වතෙකු වන ආචාර්ය වන්දනා ශීවා මැතිණියගේ පර්යේෂණ අනුව වර්තමානයේ ඩිජිටල්කරණය මගින් ගොඩනැගෙන ඩිජිටල් අධිරාජ්‍යවාදය අවිවාදයෙන් පිළිගන්නා මානසික වහලා හදනු ලබන්නේ ‘‘සකර්බර්ග්’ ගේ අධිරාජ්‍යය හෙවත් සමාජ ජාලා මගිනි. 

නමුත් මෙම ක‍්‍රියාවලිය වර්තමාන ආණ්ඩුව විසින් නිර්මාණය කළ තත්ත්වයක් නොවන බව ඉතා පැහැදිලිය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම් මගින් ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා මූලික පදනම වන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමතරව ත‍්‍රිකුණාමල වරාය ආශ‍්‍රිතව ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ඉන්දියාව සැලසුම් කරනු ලැබීය. ඒ අනුව එම ගිවිසුමට අදාළ නොවන බව පැහැදිලිව පොණෙන කරුණක් එනම් ත‍්‍රිකුණාමල වරාය ආශ‍්‍රිත තෙල් ටැංකි සංකීර්ණය භෘවිතා කිරීම සහ ඒ ආශ‍්‍රිත ආයෝජනය සඳහා වෙනත් රටක් සමග සාකච්ඡුා කිරීමට පෙර ඉන්දියානු රජයේ එකඟතාවය ලබාගත යුතු බවට කොන්දේසියක් පනවා ඇත. එවැනි කොන්දේසි ගිවිසුමට සෘජුව සහ ඊට අදාළව දෙරට අතර හුවමාරු කරගත් ලිපි ලේඛන ගිවිසුමේ කොටසක් ලෙස සැලකීම මගින් අදාළ එකඟතාවය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මත පටවනු ලැබීය.

ඉන්පසුව 2021 දී බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් ඇතිකර ගත් එකඟතාවයක් මගින් ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත මුහුදු කලාපයේ ආවේක්ෂණ ක‍්‍රියාවලිය ඉන්දියාවේ තාක්ෂණික ආධිපත්‍යයට යටත් කරනු ලැබීය. එසේම ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීරණය භාවිතයට ගැනීමට අදාල තීරණාත්මක බලයක් ඉන්දියාවට පවරා දෙන අතර වෙනත් රටකට එම කලාපයේ කනිජ තෙල් පිරිපහදුව හෝ තෙල් ගබඩා කිරීම සඳහා අවසර නොදෙන බවට එකඟතාවයක් ඇති කරගනු ලැබීය. ඊට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා 2002 දී කනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරිය බිඳ හෙළා උපාය මාර්ගිකව වැදගත් කොටසක් ඉන්දියානු IOC සමාගමට පවරා දෙනු ලැබීය. එසේම ත‍්‍රිකුණාමලයේ ආශ‍්‍රිත ආයෝජන කලාපයේ ආයෝජනය කිරීමද ඉන්දියානු සහ ජපන් සමාගම් වලට පමණක් පවරමින් සිංගප්පූරුවේ ‘සර්භානා ජුරෝග්’ නමැති සමාගම සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම බලපෑම් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ශ‍්‍රී ලංකාවේ සේවාවෙළඳාම අත්පත් කර ගැනීම මෙන්ම ආයතන මිලදී ගැනීම සහ ඉන්දියානුවන්ට රැකියා ලබා ගැනීම සඳහා ‘‘සීපා’’ සහ ‘‘එට්කා’’ නමින් එකම අරමුණක් සහිතව ගිවිසුම් රාමු දෙකක් රටේ පාලකයින් වෙත ඉදිරිපත් කරනු ලැබීය නමුත් මහජන විරෝධය නිසා ඊට ඉඩක් නොලැබුණි රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 ජුලි 21 ඇතිකරගත් එකඟතාවය මගින් එක්කා ගිවිසුම අත්සන් කිරීමට අමතරව විකුණාදමනු ලබන රාජ්‍ය ආයතන මිලදී ගැනීමේදී ඉන්දියාවට ප‍්‍රමුඛතාවය ලබාදෙන බවටද අමතර එකඟතාවයක් ඇතිකරගෙන ලැබීය.

නමුත් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා මෙම මහා පින්තූරයෙන් ව්‍යුක්තව විදුලි කේබලයක් එළිම පමණක් සාධාරණීකරණය කිරීමට ප‍්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. එයද සැබෑ යථාර්ථයට පටහැනි බව උසස් පෙළ භෞතික විද්‍යා සිසුවෙකුට වුවද තේරුම් ගත හැක. එනම් ගරු අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ශ‍්‍රී ලංකාවේ පවතින ධාරිතාවන්ට අනුව ඉන්දියාවට විදුලිය අපනයනය කිරීම හුදු සිහිනයක් පමණි. විශේෂයෙන්ම රුසියාව විසින් අවස්ථා දෙකකදී ප‍්‍රධානය කළ න්‍යෂ්ටික බලාගාර ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ සහ ඉන්දියාව සතුව න්‍යෂ්ටික බලාගාර 22ක් පවතින තත්ත්වයක් යටතේ ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය ආපනයනය කිරීමේ සිහිනය ගැන තවදුරටත් විස්තර කිරීම අවශ්‍ය නැත. ඒ සියල්ල මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ පැහැදිලි කිරීම සහ ඒවාට උත්තර බඳින පාර්ශ්වවල විවේචන යන දෙකම මගින් රටේ ජනතාවට සාධාරණය ඉටුනොවන බවය. 

මෙම ක‍්‍රියාවලියට රාජ්‍යතාන්ත‍්‍රික තිරිංග දැමීමට ආණ්ඩුව අසමත් වුවහොත් ඉන්දියාවේ ඓතිහාසික අපේක්ෂාව පරිදි ශ‍්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් හෙවත් ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත්වීම වැළැක්විය නොහැක. ඊට අමතරව භූගෝලීය සබඳතාවය නමින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පාලම සහ මහා මාර්ගය ඉදිකිරීම මෙන්ම සංචාරක කර්මාන්තය නමින් ප‍්‍රචලිත කරන ‘‘රාමායන මංපෙත’’ ව්‍යාපෘතිය හරහා ශ‍්‍රී ලංකාවේ ස්ථාන 21ක ඉදිවන රාම කෝවිල්වල පුද පූජා පැවැත්වීමට සහ එට්කා ගිවිසුම හරහා සේවා සහ රැකියා සඳහා පැමිණෙන ඉන්දියානුවන් විසින් ශ‍්‍රී ලංකාවේ ජනගහන සංයුතිය වෙනස් කරන බවද ඉතා පැහැදිලිය. ඒ සියල්ල තේරුම් ගනිමින් ස්වාධීන සිකීම් රාජ්‍ය 1975 දී ඉන්දියාවේ 22වැනි ප‍්‍රාන්තය බවට පත්කර ගැනීමේ ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවට අදාළව ප‍්‍රතිනිර්මාණය කිරීම වැළැක්වීම සඳහා රාජතාන්ත‍්‍රික උපක‍්‍රම 4ක් යෙදා ගැනීමේ හැකියාව ඇත.

ඒ අතුරින් පළමුවැන්න වර්තමාන ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අගමැතිවරයාද එකඟ වී ඇති පරිදි ඉන්දියානු සාගර වළල්ල (IORA) සංවිධානයේ සභාපතිකම ලබා ගැනීම මගින් ‘‘ජකර්තා ප‍්‍රකාශයට’’ නැවත පණ දීමය. එනම් 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත්වීම මත නොබැදි ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරන ලදුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කළ 2832 යෝජනාව බලගැන්විය යුතු බවට ජාත්‍යන්තර තත්ත්වයක් නිර්මාණය කිරීමය. ඒ සඳහා රුසියාව සහ චීනය වැනි රටවල් සහයෝගය ලැබෙන බවට විවාදයක් නැත. එම යෝජනාව අනුව ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර කිසිදු මහා බලවතෙකුට ඊට බලපෑම් එල්ල වන ගිවිසුම් අත්සන් කිරීම සඳහා කලාපයේ රටවලට බලපෑම් කළ නොහැක.

ඊට අදාල ප‍්‍රවේශය වන්නේ එට්කා ගිවිසුමට අදාළ විරෝධතා මගින් වෘත්තික සංවිධාන ඉල්ලා සිටි පරිදි ශ‍්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් ප‍්‍රතිපත්තිය අනුව සහ  ඕස්ෙටි‍්‍රලියාවේ ආදර්ශය අනුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය නියාමනය කිරීම සහ ඒ තුළ මහජන වගවීම සහතික කිරීම සඳහා නව නීතියක් සම්මත කිරීමය. එවිට එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය ඉදිරියට ගමන් කළ යුත්තේ එම නීතියට අනුවය. ඊට අමතරව ඉන්දියාව මෙන් ආහාර සුරක්ෂිතතා පනතක් සහ උපාය මාර්ගික කර්මාන්ත ආරක්ෂා කිරීමේ පනතක් සම්මත කිරීම මගින් බාහිර බලපෑම වලින් ගැලවීම සඳහා ගිවිසුම් නීතිය මගින් හදුන්වා දෙන නීතිමය පදනම ශක්තිමත් කළ හැක. මහජනයා තුනෙන් දෙකක බලයක් නව රජයට ලබාදෙන්නේ ඒ සඳහා නොවේද?

තුන්වන ප‍්‍රවේශය වන්නේ මහින්ද රාජපක්ෂ ආදර්ශය අනුව රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව මහජන විරෝධතා රහසිගතව උනන්දු කිරීමය. ආණ්ඩුවේ ඇමතිකම් දරන හිටපු ගොවි - කම්කරු නායකයින්ට එය ඉතා සුළු දෙයක් බව මහජනයා පිළිගන්නවා ඇත. හතරවන ප‍්‍රවේශය වන්නේ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තානාපතිවරයාගේ බලපෑම මත මහ බැංකු අධිපතිවරයා විසින් රුපියල නිදහස් ලෙස පා කිරීම සහ බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත් කිරීම හරහා නිර්මාණය කළ ඉන්දියාවට වාසි සහගත ආර්ථික සහ මූල්‍ය අර්බුදය නිවැරදි කිරීමය. තාක්ෂණික දත්ත සහ උපදෙස් නොසලකා හිතුවක්කාර ලෙස රුපියල පා කිරීම සහ චීනය වැනි රටවලින් හදිසි ණය ලබා ගැනීමට නොහැකි වන ලෙස බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීම නිසා ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ ඩොලර් බිලියන 4ක ණය උගුලට හිරවිය. එම ලීවරය අකර්මණ්‍යය කිරීම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ මහ බැංකු පනත සහ විදේශ විනිමය පනත අහෝසි කර පෙර පැවැති නීතිය යළි ස්ථාපිත කිරීමය. එහිදී 16 වතාවක් බිඳ දමා ඇති මූල්‍ය අරමුදලේ කොන්දේසි 17 වැනි වතාවටත් බිඳ දැමීමට සිදුවිය හැක. දෙවනුව වචනවලටම සීමා නොකර දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු නිශ්චිත උපාය මාර්ගික තීන්දු ප‍්‍රමාණය වහාම ගත යුතුය. ඒ සඳහා මව්බිම ලංකා පදනම විසින් උපාය මාර්ග සැලසුමක් ඉදිරිපත් කර ඇත. තුන්වනුව බංගලාදේශ ආදර්ශයට අනුව ඉහල වැටුප් ලබන විදේශ රැකියා සඳහා අවශ්‍යවන ආකාරයට NVQ පාඨමාලා ප‍්‍රතිසංවිධානය කිරීම සහ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමය. ඒ මගින් විදේශ සංචිත වර්ධනය කර ගන්නා ආකාරය අප රටේ විද්වතුන්ගෙන් නොව බංලාදේශයේ විද්වතුන්ගෙන් ඉගෙන ගත හැක.  

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම් 
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය 


සම්පූර්ණ ලිපිය පහතින් භාගත කරන්න 


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.