අතුරු පාලක කමිටුවක් පත්කරන්න ජනාධිපතිගෙන් අනුමැතිය ගන්න ඕනෙ නැහැ... ඕනෙ නම් අස්කරන්න... අර්ජුනට ඇමැතිකම වුනත් දෙනවා - රොෂාන් රණසිංහ කියයි
අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සුදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අතුරු පාලක කමිටුවක් දැමීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
"ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ ඒවා තියෙනවා. අතුරු පාලක කමිටුවක් දැමීමේදී එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ. කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඇමතිකම තියෙන කල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රැකෙන්න කියලා අපි හැංගිලා ඉඳලා වැඩක් නෑනේ. මට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. පොළොන්නරුවේ අහිංසක මිනිස්සු ඒ අය මාව පත්කළේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම හරියටම කරනවා. ජනාධිපතිතුමාට පුළුවන් ඕනේ නම් අස්කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්.
සුදුස්සාට දීලා තියෙනවා. අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකෙන් ප්‍රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්. මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති කරන්නේ වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම