News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා- ජනාධිපති අනුර කුමාර කියයි

Dec 16, 2024 at 09:14 PM
|

ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේ යෙදෙන නිල සංචාරය අතරතුරදී මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය මෙසේය.

අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි

ආයුබෝවන්,වනක්කම්, නමස්තේ

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා.

මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.

මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූවිරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා.

උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.

මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.

ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.

අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.

මීට මඳ වේලාවකට පෙර, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමඟ අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහය වෙනුවෙන්, විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නුවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුනා.

දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා.

ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, විදුලිබල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්‍යතා වර්ධනය, අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.

පාලනය, සේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුවා.

අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්, අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා.

සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.

මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසැඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධී, වාර්තා නොකරනලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.

පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා.

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.

එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.

ස්තුතියි.

– ජනාධිපති මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළේය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.