රනිල් දේශපාලන අල්ලස් ලෙස බාර් පර්මිට් 361ක් දීලා - බිමල් පාර්ලිමේන්තුවේ දී කියයි
2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම මත්පැන් බලපත්‍ර දේශපාලන අල්ලස් ලෙස ලබාදී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙම ලැයිස්තුව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
“මෙම බලපත්‍ර ලබා දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන අල්ලස් ලබා දීමක් ලෙස බව මට පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය,” යැයි බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
වැඩිම බලපත්‍ර සංඛ්‍යාව 110ක් නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාතින් බවද ඔහු පැවැසීය.
එම ලැයිස්තුවට අනුව දකුණු පළාතට බලපත්‍ර 48ක් ලබාදී ඇති අතර මධ්‍යම පළාතට බලපත්‍ර 45ක් ලබාදී ඇත.
එසේම උතුරු පළාතට බලපත්‍ර 32ක් සහ වයඹ සහ ඌව පළාත්වලට බලපත්‍ර 30 බැගින් ලබාදී ඇත.
උතුරු මැද පළාතට බලපත්‍ර 14ක් ලබාදී ඇති අතර නැගෙනහිර පළාතට බලපත්‍ර 22ක් නිකුත් කර ඇත.
නිකුත් කර ඇති මුළු බලපත්‍රවලින් 172ක් වයින් ස්ටෝර්ස්වල මත්පැන් සිල්ලරට අලෙවි කිරීමට අවසර දෙන FL-4 කාණ්ඩය යටතේ ලබා දී ඇති බව බිමල් රත්නායක මහතා සම්පූර්ණ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් විස්තර කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"