මහ වැසි මැද ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ...
උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරත් කිලිනොච්චිය කනපුරම් මහවිරු සුසාණ භූමියේදී ඊයේ (27) දින රාත්‍රියේ උත්සවාකාරයෙන් පැවතියේ අධික වර්ෂාපතනයක් හමුවේදී වීම විශේෂත්වයක් විය.
වර්ෂාව නොතකා කනකපුරම් මහවිරු සැමරුම් උත්සවය සඳහා මහවිරු පවුල්හි විශාල ජනතවක් රැස්ව යුද්දයේදී මිය ගිය සිය මහවිරු පවුල් අනුස්මරණය කරන ලදි.
මේ සඳහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රීක්කයන්හි සිටද මහවිරු පවුල්හි ඥාතීන් සහභාගී වී සිටි අතර උත්සව අවස්ථාවේදී යුද්දයෙන් මිය ගිය මහවිරු පවුලක සාමාජිකයෙකු ප්‍රධාන පහන දැල්වීමෙන් අනතුරුව සෙසු පිරිස්ද පහන්දල්වා මල් පූජා කොට සෙත් ශාන්ති පැමිණවීම සිදුකරන ලදි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදුකෙරෙති.
කිලිනොච්චිය ප්‍රධාන සැමරුමට අමරතව උතුරේ තැනින් තැනද විවිධ වූ මහවිරු සැමරුම් සංවිධානය කොට තිබුණි.
මේ අතර යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබුනද තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් හෝ එම සංවිධානයක් සලකුණු භාවිත කරමින් සිහිපත් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පලාතේ පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව පුලුල් නිරීක්ෂණ මෙහෙයුමකද නිරත විය.
– වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ වැසි මැද ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ...
අයවැය ඉදිරිපත් කරන තෙක් IMF සිව්වැනි වාරිකය ප්‍රමාදයි - මහ බැංකු අධිපති කියයි
පොහොර සහනාධාරය ප්‍රමාදයි... චෝදනාව පිළිගන්නවා... දවස් දෙකෙන් විසඳන්න බැහැ - නාමල් කරුණාරත්න
ආණ්ඩුවට මේ ජනවරම ලැබුනේ බෙදුම්වාදයට පක්ෂ වීමට නොවෙයි... රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න (වීඩියෝ)
යහපාලන කාලයේදී වත් මෙවැනි ආකාරයෙන් මහවිරු සැමරුම් සිදුවුනේ නැහැ... ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම ද? - නීතිඥ මනෝජ් ගමගේ
ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්‍රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස