News Category
From Date
To Date
Maximum Number of Result

මුරුත්තෙට්ටු හිමි නෙරපන්නැයි මහා ශිෂ්‍ය සංගමය ජනපති අනුරට දන්වයි

Nov 28, 2024 at 12:11 PM
|

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආනන්ද හිමියන් ඉවත් කර ඒ වෙනුවට විශ්ව විද්‍යාලේ කීර්තිය හා ගෞරවය ආරක්ෂා කළ හැකි පුද්ගලයෙකු පත් කරන ලෙසද එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

අදාළ ලිපිය පහළින්...

අනුර කුමාර දිසානායක

ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්‍යයාලය,

කොළඹ 01.

ජනාධිපතිතුමනි,

කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරවාන්විත ම තනතුර වන කුලපති ධූරයට පසුගිය වකවානුව තුළ දේශපාලනික පත්කිරීමක් වශයෙන් පත් කෙරුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධව කලක පටන් කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේත්, සමස්ත සමාජයේත් දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ විය.

එයට හේතුව මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීමට පූර්වයේ කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිධූරයට තෝරා පත් කරගත් කුලපතිවරුන් එම භූමිකාවට ගැළපෙන සුදුසුකම් සහ මනා පරිචයකින් යුක්ත වූවන් වීමත් මෙම මුරුත්තෙට්‍ටුවේ හිමිගේ පත් කිරීම හුදෙක් එවකට රාජ්‍ය නායකයා ස්වකීය මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම වැනි පටු කාරණා පදනම් කරගෙන සිදු කිරීමත් ය.

එලෙසින් ධූරයේ පරමාභිලාෂය නොසලකමින් තම පටු අරමුනු මුදුන් පමුණුවා ගැනීමට එවකට ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ හිමියන්ව පත්කරගැනීම පදනම් කරගෙන එයට විරුද්ධව බොහොමයක් පාර්ශව විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නා ලදි.

පසුගිය වකවානුවේ වසර ගණනාවක් ම කොළඹ විශ්වවිද්‍යාලයට අදාළව පැවති උපාධි ප්‍රදානෝත්සව කිහිපයකදී ම කුලපතිවරයා අතින් තම උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම එහිලා සුවිශේෂී අවස්ථාවකි. මෙවන් තත්ත්වයන් දිගින් දිගට ම සිදුවීම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට ද අති මහත් වූ කැළලකි.  ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාමමාත්‍රික තනතුරක් වුව ද විශ්වවිද්‍යාලයක කුලපති ධූරය වනාහි එකී විශ්වවිද්‍යාලයේ ගෞරවය, කීර්තිය පිළිබඳ ව ප්‍රකාශමාන වන සංකේතයක් බඳු ය.

විශ්වවිද්‍යාලයක අතිමූලික කර්තව්‍ය වන විද්‍යාර්ථීන් බිහි කිරීමේදී සිදු කෙරෙන උපාධි ප්‍රදානය කිරීමේ ප්‍රධානෝත්සවය වැනි වැඩසටහන්වල මූලාසනය හෙබවීම වැනි අවස්ථාවන් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ලබා දෙන්නේ එහෙයිනි. විද්‍යාර්ථීන් තම වසර ගණනක මහන්සියේ අග්‍රඵලය බඳු උපාධිය ලබාගන්නේ බොහෝ විට එම උපකුලපතිගේ දෑතිණි. එහෙයින්, කුලපති ධූරය හුදු නාමික තානාන්තරයකින් ඔබ්බට ගිය සමස්ත විශ්වවිද්‍යාලයේ ම ගෞරවය පිළිබිඹු කරන කැඩපතක් වැනි ධූරයකි.

එම නිසා ඊට පත් කරනු ලබන තැනැත්තාගේ සුදුසුකම්, භාවිතාව සහ ක්‍රියාකලාපයන් සෘජුව ම ඔහු දරන තනතුරෙහි පැවැත්මට ද, ඊට අදාළ විශ්වවිද්‍යාලයේ තත්ත්වයට ද බලපානු ලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති නාමාවලියේ ඉතිහාසය ගත් විට ලංකා විශ්වවිද්‍යාලය නමින් 1942 ආරම්භයේ පටන් 1981 වර්ෂය දක්වා ම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කර ඇත්තේ රාජ්‍ය නායකයා විසින් ය.

ඒ අනුව ශ්‍රීමත් අන්ඩෲ කැල්ඩිකොට් ආණ්ඩුකාරවරයාගේ පටන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දක්වා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් රාජ්‍ය නායකයා කටයුතු කර තිබේ.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව දිවයිනේ පිහිටුවන සෑම විශ්වවිද්‍යාලයකට ම ප්‍රධානියා ලෙස කුලපතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරිණි.

ඒ අනුව 1981 වර්ෂයේදී ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙකු නොවන කුලපතිවරයෙකු වශයෙන් දේශමාන්‍ය ආචාර්‍ය, වෛද්‍ය පී.ආර්. ඇන්තනීස් මහතාව පත් කරන ලදි. ඒ මහතාගෙන් පසුව කොළඹ අගරදගුරු ආචාර්‍ය ඔස්වල්ඩ් ගෝමිස් දේවධර්මාචාර්‍යතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවන ලදි.

අධ්‍යාපනික වශයෙන් ස්වකීය ක්ෂේත්‍රයන්හි පරතෙරට ගිය ඥානයෙන් ද, ඉන් සමාජයට සිදු කරන ලද සේවයෙන් ද, එසේම ඉන් පරිබාහිරව ජාතික සහ සාමයික වශයෙන් ද, සමස්ත රටට ම සේවය කළ වැදගත් පුද්ගලයන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්ව තිබෙන බව පෙනෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හුදෙක් දේශපාලන පත්කිමක් මිස අන්කිසිවක් එතුළ නැති බව මෙ වන විට ඕනෑවටත් වඩා තහවුරු කොට ඇත.

එහෙයින්, ඔබතුමන් වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිර්‍රමට අදාළ පියවර ගන්නා මෙන් ඉල්ලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි!

මහා ශිෂ්‍ය සංගමය – කොළඹ විශ්වවිද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

යුක්‍රේනය විසින් රුසියාවේ 'නොවොරොසිස්ක්' (Novorossiysk) කළු මුහුදු වරායට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා රිය පදවන අතරතුර වීඩියෝ කැමරාවකට අදහස් දැක්වන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ සංවාදයක් ගොඩනැගී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද කිසිදු වැදගත් කරුණකට ජනාධිපතිවරයා නිසි පිළිතුරක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විදේශීය මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව මගින් එල්ල වන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින විශේෂ ජනහමුවක් සහ මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවත්, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස සිදුකිරීමට ඕනෑම අවදානමක් ගැනීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් කුමාර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද (13) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
2011 වසරේ දී දළදා මාලිගාව ඉදිරිපිට මෝටර් රථ තරඟ පැවැත්වූ බවට තමාට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තමා එය සංවිධානය නොකළ බවත් තමා ඊට සහභාගී නොවූ බවත්ය.

ප්‍රධාන පුවත්

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.