විදුලි ගාස්තු වැඩිවීමෙන් ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක් - ගාමිණී වලේබොඩ හෙළිකරයි
විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි.
අද රටේ බොහෝ කම්හල් සහ ව්‍යාපාරික ස්ථාන අධික විදුලි බිල හේතුවෙන් පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන් බවද ඔහු සඳහන් කරයි.
ජනතාවගේ මෙම ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විදුලිය අඩුවෙන් වැය වන විදුලි බල්බ සහනදායි ක්‍රමයට හෝ නොමිලයේ හඳුන්වාදීම, සූර්ය පැනල ඉතා අඩු වාරික යටතේ ගෙවීමේ ක්‍රමයට ලබා දීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට යොමු වියයුතු බවද සඳහන් කරයි.
විදුලිය පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අත්හදා බැලීම සහ ඒවා ජනතාවට හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඒ පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට විශේෂඥයන්ට පැවරිය හැකි බවත් ඒ මහතා පවසයි.
අධික විදුලි බිල,ඉන්ධන මිල ඇතුළු හේතු කාරණා හේතුවෙන් කම්හල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ ආයතන බොහොමයක් වැසී ගියේ කොරෝනාවලින් පසුව ආර්ථිකයේ ඇතිවූ අර්බුදය හේතුවෙන් බවද ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම