තමුන්ගේ හිතවතුන්ට තනතුරු, තාන්නමාන්න දීම වැළැක්වීම පසුගිය කාලයේ ජනතාව ප්රතික්ෂේප කළ දේශපාලන සංස්කෘතිය බවත්, වර්තමාන ජාතික ජන බලවේගයේ රජය විසින් තමන්ගේ දේශපාලන ප්රචාරන වැඩකටයුතු වෙනුවෙන් දායක කරගත් ශානි අබේසේකර මහතා බුද්ධි විශ්ලේෂන සහ නිවාරණ කොට්ඨාශයේ අධ්යක්ෂකවරයා ලෙස තම හිතවත්කම මත පත්කර ඇති බවත් ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්ය අධ්යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්රතිපත්තිමය තීරණයක සිටි බවත්, රටේ වෙනසක් සිදුකිරීමට බලයට පැමිණි නව රජය රජයේ රෝහල් විකුණමින්, වෛද්ය අධ්යාපනය පෞද්ගලීකරණය කිරීමට ගෙන ගිය එම වැඩපිළිවෙල වහා නැවැත්වීමට ක්රියාකළ යුතු බවත් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව පවසයි.
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුල්ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් කෝට්ටේ වැලිකඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය