
කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රීට ඇප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.
සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙක් පළ කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක්ව සායනවලට පවා යොමු වීමට සිදුව ඇති බවය.
තවද සැකකරු පැමිණිලිකාරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහන් පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මින් පෙර කිහිප වතාවක් මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා දැඩි ලෙස කණගාටුවට පත්වන බවය.
සැකකරු විසින් මෙම සටහන සිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන ලද්දේ විනාඩි අටක් වැනි කෙටි කාලයක් පමණක් බවත් ඉන් පසු එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
තවද මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
