දෝෂාභියෝගයට ලක්වූ දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කරයි
අද(03) උදෑසන කොරියානු යොන්හප් පුවත් සේවය වාර්තා කළේ, ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාලය, කොරියාවේ දෝශාභියට ලක්වූ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එහි නිලධාරීන් ජනාධිපති නිල නිවසට යවා ඇති බවයි.
කෙසේ වුවද පැය පහකට වැඩි කාලයක් ජනාධිපති ආරක්ෂකයින් සමඟ ඇති වූ ගැටුමකින් පසු වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපති යූන් සුක්-යෙල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තාවකාලිකව ක්‍රියාත්මක නොකිරීමට විමර්ශකයින් තීරණය කර ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය නැවත පුවත් වාර්තාවක් පළ කරමින් පවසා සිටියේය.
සියෝල් අගනුවර ආරක්ෂක විධානයට අනුයුක්ත කර ඇති දකුණු කොරියානු සොල්දාදුවන් සහ ජනාධිපති ආරක්ෂක අංශය විමර්ශන නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළු වී එය පරීක්ෂා කිරීමට ඉඩ දුන්නේ නැති බවද යොන්හප් පුවත් සේවය පවසයි.
යූන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ සිදු වන සිදුවීම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත බවද පුවත් සේවය වැඩි දුරටත් පවසයි.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ රාජකාරිය වැලැක්වීම සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසේ.
කෙසේ වුවද යූන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ජනවාරි 6 වැනිදා දක්වා බලපැවැත්වේ.
S. Korean Investigators Decide to Stop Trying to Execute Arrest Warrant for Yoon
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා