බලය බෙදා හැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කළොත් නව ව්‍යවස්ථාවට සහය දෙනවා - සුමන්තිරන් කියයි
බලය බෙදා හැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු යැයි ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.
කෙසේ වෙතත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සිය පක්ෂයේ නිල ස්ථාවරය දැනුම් දීමට හැකි වන්නේ, ඒ පිළිබද කටයුතු ආරම්භ කිරීමෙන් පසුව බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දු වී ඇති අතර ඒ සදහා වන වැඩ කටයුතු නුදුරේදී ම ආරම්භ කරන බව දැනුම් දී ඇති බව ය.
දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉෂ්ට වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සදහා වන පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වත්මන් ආණ්ඩුව විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ය.
යහපාලන ආණ්ඩුව කාලයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සදහා වන සාකච්ඡා රැස්වීම් අසුහතරෙන් වැඩි සංඛ්‍යාවට එවක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයින් ද සහභාගී වූ අතර මහ මැතිවරණයට පසුව අවස්ථා තුනකදී තමන් ජනාධිපතිවරයා හමුවු බව ත් එහිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා කළ බව ත් ඔහු සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..