
බලය බෙදා හැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කළොත් නව ව්‍යවස්ථාවට සහය දෙනවා - සුමන්තිරන් කියයි
බලය බෙදා හැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු යැයි ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.
කෙසේ වෙතත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සිය පක්ෂයේ නිල ස්ථාවරය දැනුම් දීමට හැකි වන්නේ, ඒ පිළිබද කටයුතු ආරම්භ කිරීමෙන් පසුව බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දු වී ඇති අතර ඒ සදහා වන වැඩ කටයුතු නුදුරේදී ම ආරම්භ කරන බව දැනුම් දී ඇති බව ය.
දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉෂ්ට වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සදහා වන පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වත්මන් ආණ්ඩුව විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ය.
යහපාලන ආණ්ඩුව කාලයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සදහා වන සාකච්ඡා රැස්වීම් අසුහතරෙන් වැඩි සංඛ්‍යාවට එවක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයින් ද සහභාගී වූ අතර මහ මැතිවරණයට පසුව අවස්ථා තුනකදී තමන් ජනාධිපතිවරයා හමුවු බව ත් එහිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා කළ බව ත් ඔහු සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
