ඩේවිඩ්ලාගේ රටේ ආරක්ෂාව සඳහා බොරු චෝදනාමත අනෙකුත් රාජ්‍යයන්ට දෙන දඬුවම් නැවැත්විය යුතුයි - ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි විසින් හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්ම ශ්‍රී මහතාගෙන් අදහස් විමසා සිටියා. ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ පහත දැක්වේ..
"එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි ප්‍රකාශ කර තියෙනව හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බව. මෙය කෙතරම් තිරස්චීන ප්‍රකාශයක්ද යන්න ඔවුන්ගේ පෙර ක්‍රියාකලාප හා පවතින්නාවු සාධක පිළිගන්න ඔවුන් කෙතරම් මැළිකමක් දක්වන්නේද යන්න පිළිබිඹු කරනව. ඉරාකය වනසා දැමීමේදීත් ඔවුන් භාවිතා කලේ සදාම් හුසේන් මහාපරිමාණ ප්‍රහාර සඳහා රසායනික අවි නිශ්පාදනය හා ගබඩා කිරීම කර ඇති බවට. නමුත් පසු කලෙක ඔවුන්ම පිළිගනු ලැබුවා ඒවාද අවබෝධයෙන් කල ප්‍රකාශ වර්ගයේ ප්‍රකාශ බව. අද එයින් ඉරාකයට පමණක් නොව ලොවට සිදුවී ඇති විනාශයන් කොතෙක්දැයි ගණනය කළ නොහැකියි. ඩේවිඩ්ලාට අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් කිරීමට අවශ්‍යනම් ඔවුන් එය පටන්ගත යුත්තේ තමුන්ගේ රටේ දැනටත් ප්‍රසිද්ධියේ ජීවත්වෙන ඇඩිලේ බාලසිංහම් මහත්මියට ඳඬුවම් කිරීමෙනුයි. ඇය, එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්‍ය ඇන්ටම් බාලසිංහම්ගේ බිරිඳ, ප්‍රසිද්ධියේම ළමා සොල්දාදුවන් ප්‍රවර්ධනය කරා වගේම ළමා සොල්දාදුවන්ගේ ගෙලේ සයනයිඩ් කරල් පවා පැළඳුව.
එබැවින්, මේ බොරු චෝදනා කිරීම් හා මේ ආකාරයේ තිරස්චීන දඬුවම් පැමිණවීම් දියුණුයැයි කියාගන්නා රටවලින් සිදුනොකළ යුතුයි.
යුද සමයේ සිදුවූවායැයි ඔය කියනු ලබන චෝදනා කිසිවක් සත්‍ය නොවන බවට යුද විශේෂඥයින් සම්පාදනය කරන ලද වාර්තා හතක් තියෙනව. ඒවගේම එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ යුද විශේෂඥයින්ගේ ප්‍රකාශ හා වාර්තා තියෙනවා ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුන බවට. එසේම, එංගලන්තයේ සුප්‍රසිද්ධ නෙස්බි සාමිවරයා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කර තිබෙනව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ලේඛන අධ්‍යයනයෙන් පසුව ශ්‍රී ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදුව නොමැති බවට. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාලීන වාර්තා තිබෙනව ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුනොවුන බව තහවුරු කරන. එසේම දෙමළ විමුක්ති කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීගේ සටහන් තහවුරු කරනව ශ්‍රී ලංකාවේ හමුදා කෙතරම් මානුෂික ආකාරයට කටයුතු කලේද යන්න බව. ටැමිල්නෙට් වෙබ් අඩවියවත් තහවුරු කරන්නෙ නෑ එසේ යුද අපරාධ සිදුවුන බවට.
මේ සියළු කරුණු අපේ රටට යහපත්ව පවතිද්දි අපේ රටේ විදේශ ඇමතිවරු තම කාර්‍යභාරය නිවැරදිව සිදුකළේ නැහැ. විශේෂයෙන්ම මහාචාර්‍ය ඇමතිවරයෙක් ඉතිහාසගතවෙන ලණුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දුන්න. එනම් යුද අපරාධ චෝදනාවලට දී ඇති දඬුවම් වලින් මිදීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව "එන්ගේජ්" කරගත යුතුයි කියා. අවාසනාවට, ශවේන්ද්‍ර සිල්ව මැතිතුමාත් මේ ක්‍රමය පිළිගත්ත අපි යෝජනා කරන ලද "චෝදනාවලින් නිදොස් වීමට ස්වභාවික යුක්තිය නීතිය භාවිතා කළයුතුයි" යන්න බැහැර කරමින්.
අදටත් මේ ස්වභාවික යුක්තිය නීතිය වලංගුයි. එබැවින් අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ ගෝඨාභයගේ රජයද අපොහොසත් වුණු අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරගැනීම සඳහා වහා ඉදිරිපත්වන ලෙසයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..