News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ හමුදා යුද්ධ කළේ මම අණ දුන් නිසයි! යුද්ධයට සහභාගි වූ සෙන්පතියන්ට සම්බාධක පැනවීම අර්ථ ශුන්‍යයයි!- හිටපු ජනපති බ්‍රිතාන්‍යය රජයට පවසයි

Mar 26, 2025 at 04:08 PM
|

බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු තේරුමක් ඇති ක්‍රියාවක් නොවන බවයි. තමා එසේ පවසන්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් බවත්  ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් බවයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

මාධ්‍ය නිවේදනය

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම

එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද සැලකිය යුතුය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ.

2002 සටන් විරාම ගිවිසුම තිබියදීත්, 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වෙන විට එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතන 363 ක් සිදු කර තිබුණි. 2005 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එල්ටීටීඊ ප්‍රහාර උත්සන්න විය. මගේ ජනධිපති ධුරයේ මුල් මාස කිහිපය ඇතුලත සිදු වූ බරපතලම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 යන දිනවල යාපනයේදී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් දහතුන් දෙනෙකු මිය යෑම, 2006 ජනවාරි 5 වන දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවික භටයින් 15 දෙනෙකු මිය යෑම, සහ 2006 අප්‍රේල් මාසයේදී හමුදා මූලස්ථානය තුළ හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැනි සිද්ධීන් වේ.

මේ සියල්ල සිදු වී තිබියදීත්, සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි සහ ජුනි මාසවලදී ජිනීවා සහ ඔස්ලෝහිදී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්චා වට දෙකම එල්ටීටීඊය විසින් ඒකපාර්ශ්විකව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වුයේ 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලාවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ එල්ටීටීඊ බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මිය ගොස් 86 දෙනෙකුට බරපතල තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මිය ගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ. 2006 ජූලි මාසයේදී එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වන දින එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවීය.

යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 2017 ඔක්තෝබර් 12 වන දින නේස්බි සාමි වරයා, බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයකදී, එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ තානාපති නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් ශ්‍රී ලංකා හමුදාවේ විනය ඉහළින් අගය කළ බවත් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය. ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද කාලයේ ලන්ඩන් වලට යැවූ වාර්තා වල අන්තර්ගතය, බ්‍රිතාන්‍යයේ දේශපාලන බලධාරීන් ප්‍රවර්ධනය කරමින් සිටින මතයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන නිසා, එම වාර්තාවල දැඩි ලෙස සංස්කරණය කරන ලද අනුවාදයක් පමණක් ප්‍රසිද්ධ කර ඇත. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි.

යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු, යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ  පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට, දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේය, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභා වේ. 2004 දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින්  එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත්  පියවරක් බව පැහැදිලිය.

2009 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේදී මම එය එකහෙළාම ප්‍රතික්ෂේප කළෙමි. පසුව, විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන්ඩ් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කළ බවයි. අද දක්වාම, එල්ටීටීඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩු වල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන්  තීරණය වෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.

දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.

එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධාන වලින් එල්ල වෙන තාඩන පීඩන වලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.

මහින්ද රාජපක්ෂ

නායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.