News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු නැගෙනහිර පළාත් වල පදිංචි සිංහල බෞද්ධයන් ගේ උරුමයන් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා වන ඔවුන්ගේ යෝජනා ඇතුලත් යෝජනාවන් මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන් "උතුරේ ජනදුක" නමින් යෝජනාවලියක් බාරදීමට කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨානය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කරයි.

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවට ස්වභාවික වායු(LNG) සැපැයීමට සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ශක්ති රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී විවාදයක් අතරතුර දෙමළ ප්‍රගතිශීලී සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රුසියානු හමුදා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නිව් යෝර්ක් නගරය සම්පූර්ණයෙන්ම මුදාගෙන ඇති බව රුසියානු මාධ්‍ය පසුගිය 18 දා වාර්තා කළේය. සුවිශේෂී නමක් සහිත ජනාවාස යුක්රේනය විසින් ප්‍රධාන බලකොටුවක් බවට පත් කර තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටියේය. රුසියානු හමුදාව ඩොන්බාස් හි සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල කොටසක් ලෙස ජුනි මාසයේදී නිව් යෝර්ක් සහ අසල්වැසි ටොරෙට්ස්ක් සමුහයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදී. රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි මස මුලදී, යුක්‍රේන හමුදා එහි උතුරු මායිම දෙසට තල්ලු කරමින් නගර මධ්‍යය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත් විය. ඒ අනුව මේ වන විට නගරයේ උතුරු කොටස ද රුසියානු පාලනයට නතු වී ඇත.


ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.