ඉන්දිය ඩ්‍රෝන යානා 25ක් විනාශ කළා - පාකිස්තානය කියයි..
ආසියාව තුළ යුද භීතියක් මතුකර ඇති ඉන්දු – පාකිස්තාන අර්බුධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, පකිස්තාන හමුදාව අද පැවසුවේ ඉන්දියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් වෙඩිතබා බිමහෙළූ බවයි.
එම ඩ්‍රෝන යානා සිය ගුවන් සීමාව උල්ලංඝණය කිරීම හමුවේ ඒවාට ප්‍රහාර එල්ල කළ බව ද පාකිස්ථාන හමුදාව පවසයි.
පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රිට පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත Harop ඩ්‍රෝන ලෙස හඳුනාගෙන ඇති එම ඉන්දියානු ඩ්‍රෝන යානා පාකිස්තානයේ විශාලතම නගර දෙක වන කරච්චි සහ ලාහෝර් ආසන්නයෙන් මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකදී හඳුනාගැනුණු බවයි.
ඩ්‍රෝන යානාවල සුන්බුන් මේ වන විට එක්රැස් කරමින් පවතින බව ද ඔහු පැවසීය.
“ඉන්දියාව සිය ඩ්‍රෝන යානා පාකිස්ථාන ගුවන් සීමාවට යොමුකර ඇති බවත්, ඉන්දියාව මෙම ආක්‍රමණය සඳහා දැඩි ලෙස වන්දි ගෙවනු ඇති බවත් මේජර් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් අනතුරු ඇඟවීය.
එමෙන්ම ඉන්දියාවේ මෙම ඩ්‍රෝන් මෙහෙයුම් හේතුවෙන් එක් සිවිල් වැසියකු මියගොස් සොල්දාදුවන් හතරදෙනකු තුවාල ලබා ඇති බව පාකිස්ථාන හමුදාව වාර්තා කළේය.
එක් ඩ්‍රෝන යානයක් ලාහෝර් ආසන්නයේ හමුදා ඉලක්කයකට පහරදුන් බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්