News Category
From Date
To Date
Maximum Number of Result

වී කිලෝවක මිල රු. 120ක් බව ලාල්කාන්ත ඇමැතිතුමා තීරණය කර ඇත. එතුමාත් මේ ලියුම්කරුත් 1989යේ සන්නද්ධ අරගලයට දායක වන විටත් අක්කරයකට අස්වැන්න බුසල් 85කි. ජීවිතයේ පළමු වතාවට අප විසින්ම “අපේ ආණ්ඩුව” 2024 පිහිටුවන විටත් අස්වැන්න අක්කරයකට බුසල් 85ට අඩුය. අපට ඇත්තේ එතරම්ම දක්ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකි. එය දැන් ලාල්කාන්ත ඇමැතිතුමාට ලැබී ඇත.

නඩුවක විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමට මෑතකාලීන නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවනීය සම්ප්‍රදායන්ට අනුකූලව නීතිපතිවරයා සහ අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිය ස්වාධීන වෘත්තීමය විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තරයේ ප්‍රකාශ කළේය.

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) දින උදෑසන දිවයිනට පැමිණ ඇත.

ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ හෙට (14) පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් ඇතැයි වාර්තා‌ වේ.

චීනයේ සිනොපෙක් (Sinopec Fuel Oil Lanka) සමාගම විසින් මෙරට සමුද්‍රීය ඉන්ධන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස නැව්වලට ඉන්ධන සැපයීම (bunkering) සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට High Sulfur Fuel Oil (HSFO) හඳුන්වාදෙන බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

USAID ආයතනය සැමවිටම කියුබානු රජය බිඳ වැට්ටවීමේ අරමුණින් ක්‍රියාතමක කර ඇතැයි කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පවසයි.

එස්. බී. දිසානායක මහතා රූපවාහිනී සංවාදයකට එක් වෙමින් 'නෑ කියන්නේම නෑ " කියන එක පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වයිරල් වූ බවත් එය අද ආණ්ඩුවේ තියරිය බවට පත්කර ගෙන ඇති බවත් අද (12) පොදුජන පෙරමුණෙ මාධ්‍ය හමුවකට එක් වෙමින් සංජීව එදිරිමාන්න මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.