News Category
From Date
To Date
Maximum Number of Result

සමරිසි ප්‍රවර්ධනය සදහා USAID සංවිධානයෙන් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මුදල් ලබාගත් බවට මෙරට බොහෝ සංවිධාන සහ පුද්ගලයන්ට චෝදනා එල්ල වී ඇති අතර, මෙරට අධ්‍යාපන ඇමති මෙන්ම අගමැති ලෙස කටයුතු කරන හරිනි මහත්මියටද එම චෝදනාව එල්ල වී ඇති බැවින් ඇය වහාම ඉල්ලා අස්වෙන ලෙස පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඉල්ලා සිටී.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේම වැටුප් පක්ෂ අරමුදලට යන බව ඔවුන් ප්‍රකාශ කර ඇති තත්වයක් යටතේ කතානායක ජගත් වික‍්‍රමසිංහ මහතාගේ වැටුප ද එම අරමුදලට යනවා නම් ඔහු ස්වාධීන කතානායකවරයෙ‍කු වන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේය.

සේවක අර්ථ සාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 21.5 න් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000 ක් පමණ වේ. සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු පහසුව පවත්වා ගෙන යාම සඳහා විශාල ගනුදෙනු

මේ රටේ ජනතාව මූලාවට පත් කිරීම සදහා වැටු නොගන්නා බව සහ වාහන පාව්චිච් නොකරන බව වැනි බොරු පවසන්නේ නැතිව ආණ්ඩුව සිදුකළ හොඳ දේවල් පමණක් පවසන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහනට එක් වෙමින් අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාට පැවසීය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳුදා එක්සත් ජනපදය හා ජපානයෙන් ඉල්ලා සිටියේ "එක් චීනයක් මූලධර්මයට" අනුකූල වන ලෙසත් තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයන්ට ගරු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මීට වසර 10කට පමණ පෙර සිට විමල් වීරවංශ ඇමතිවරයා, උදය ගම්මන්පිල ඇමතිවරයා සහ සරත් වීරසේකර වැනි ඇමතිවරුන් මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන පවසන විට ඊට සමහරුන් හිනා වූ බවත් අද වන විට ඒ කියපු කාරනා සත්‍ය බව පෙනෙන්ට තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මියට ( ඩේසි ආච්චි) විදේශ ගමන් තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්

වහාම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කළ යුතු බවට කාදිනල්තුමා විසින් රජයට බල කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්

"යුක්‍රේනයේ තිබෙන ඛනිජ සම්පත් කෙදිනක හෝ රුසියානුවන් සතු විය හැකිවීම " නොසලකා යුක්රේනයේ තිබෙන දුර්ලභ ඛනිජ සම්පත් වොෂින්ටනයට අලෙවි කිරීමෙන් වොෂින්ටනයට තම මුදල් ආපසු ලබා ගැනීම සහතික කිරීම සඳහා කියෙව් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.


ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.