News Category
From Date
To Date
Maximum Number of Result

LGBTIQ ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොකිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස LGBTIQ අයිතිවාසිකම් සඳහා බලපෑම් කරන සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටි මෝටර් රථය වෙන්නප්පුව ප්‍රදේශයේ දී අනතුරකට ලක් වීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.රථය පැදවූ ඔහුගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

යූඑස්ඒඩ් ආයතනය විසින් ලබා දී ඇති මුදල් සම්බන්ධයෙන් අගමැතිනියගේ නම කියැවෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේ ද පැවසීය.

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

LGBTQIA මතවාදය මගින් දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කර ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා මව්වරුන්ගේ ව්‍යාපාරයෙන් අත්පත්‍රකා බෙදා හැරීමක් පසුගියදා කොළඹ කොටුවේදී සිදුවිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙම තත්වයන් ගැන මෙරට සිටින සියලුම දෙමාපියන් දැනුවත් කළ යුතු බවයි. ඒ් ඔබේ දරුවාගේ ආරක්ෂාව පවතින්නේ දෙමාපියන් අත බැවිනි යැයි ඔවුන් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය.


ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.