News Category
From Date
To Date
Maximum Number of Result

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් " දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි.

හෝමාගම රෝහලට අලුතින් පත්ව පැමිණි ඉහළම දේශපාලන බලපුලුවන්කාරමක් සහිත වෛද්‍ය අධිකාරිවරියගේ දරදඩු පාලනයන් හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් බරපතල ලෙස අවුල් වියවුල් තත්තවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රටේ ආර්ථිකය ඉහළ නංවන යහපත් කරුණු කාරණා පෙනෙන්නට තිබුණද රජයක් මගින් ඉදිරිපත් කරනු ලබන අයවැයක් යථාර්ථයක්

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද අධි චෝදනා පත්‍ර බාරදුන්නේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ අවුරුදු 75ක ආපු ආර්ථික ගමන සම්බන්ධයෙන් බලවත් විරෝධතාවක් සහිතව බවත් එසේ වුවත් 2025 අය වැය ලේඛනය මගින් පෙන්නුම් කර ඇත්තේ එම ආර්ථික ගමනම මොවුන් විසින්ද ඉදිරියට ගෙන යෑම බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.