රවි සෙනෙවිරත්නට එරෙහි රිය අනතුරු නඩුවේ ඉවත් කළ චෝදනා අධිකරණයෙන් යළි ඇතුළත් කරයි..
බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.
ඒ අනුව රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා තුන යටතේ මෙම නඩුව ලබන ජුනි මස 25 වන දා විභාගයට ගැනීමට විනිසුරුවර්ය නියෝග කළා ය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පදවන ලද මෝටර් රථය පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 28 වන දා වැල්ලවත්ත මැරයින් ඩ්‍රයිව්හි නවතා තිබූ මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.
මෙම අනතුරින් පසු තමාව අසාධාරණ ලෙසට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට පොළිස් විශේෂ විමර්ශන ඒකකයට රවී සෙනවිරත්ත විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කර ඒ සම්බන්ධ වාර්තාව නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට භාර දීමෙන් අනතුරුව වැඩිදුර උපදෙස් පතා නීතිපතිවරයා වෙතයොමුකර තිබිණි.
ඒ අනුව, පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම හැර 2 වන සහ 3 වන චෝදනා වන අපරික්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව එය පැදවීම යන චෝදනා ඉවත් කිරීම සුදුසු බවට නීතිපතිවරයා විසින් නීතිය දිසාව භාර නියෝජ්‍ය පොළිස්පති රුවන් ගුණසේකරට ලබා දී තිබූ උපදෙස් සෘජුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු නොකොට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා හරහා සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට යොමුකර තිබූ අතර එය භාර ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වර්ය පෙර ගොනුකර තිබූ චෝදනා යටතේම ජුනි මස 25 වන දා නඩුව විභාගයට ගැනීමට නියෝග කළා ය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් නීතීඥ චන්දන පෙරේරා හා නීතීඥ වරුණ ජයසිංහ පෙනී සිටියහ.
ජනක ගෝමස්- ගල්කිස්ස
(මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි