කවුද මේ.. අයිස් තොගපිටින් ගෙනා JVP ආධාරකරු.. JVP නායකයා ආවම මොහු තමයි කන්න දෙන්නේ.. - විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්.. (වීඩියෝ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මොහු තම බෝට්ටු භාවිත කරමින් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට ගෙනැවිත් ඇති බවට පැහැදිලිවම අනාවරණය වී ඇතැයිද අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
සනත් වීරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත් පුද්ගලයෙක් වන අතර, සෑම අතින්ම පෙරමුණට සහයෝගය දක්වන, මුදල් අතින් වියදම් කරන පුද්ගලයෙක් බවත් ජවිපෙ නායකයා එම ප්‍රදේශයේ රැස්වීම්වලට පැමිණි විට දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කර අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ මොහු බව වීරවංශ මහතා සඳහන් කරයි. මෙම ආහාර සම්පාදනයට උමේශ් නමැති ඔහුගේ මිත්‍රයෙක්ද සහය වන බව ඔහු පැවසීය.
ඔහුට ඩුබායි හි සිටින කුප්‍රකට පාතාල සාමාජිකයෙකු වන උණාකූරුවේ ශාන්ත නමැති පුද්ගලයා විසින් මුදල් පොම්ප කර ඇති අතර, ඔහුගේ ගිණුම්වල විශාල මුදලක් එක්රැස් වී ඇති බවත් එම මුදල් නිසා ඔහු පසුගිය කාලය පුරා අතපය දිග හැර ජවිපෙ වෙනුවෙන් වියදම් කළ බවට වීරවංශ මහතා චෝදනා එල්ල කලේය.
සනත් වීරසිංහ මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නමුත්, ජනතා විමුක්ති පෙරමුණේ විවිධ කල්ලිවල බලපෑම් මත පොලිසිය ඔහුව නිදහස් කර ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විශාල පීඩනය හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිද්ධ වූ බව වීරවංශ මහතා පෙන්වා දෙයි.
මීට පෙර “ක්ලබ් වසන්ත” නමැති පුද්ගලයා ඝාතනය කිරීමට යොදා ගත් වෑන් රථය සම්පාදනය කළ පුද්ගලයා ද මොහු බවට අනාවරණය වී ඇතැයිද හෙතෙම පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවසන් මත්ද්‍රව්‍ය තොගය ඔහුගේ බෝට්ටු මගින් රටට ගෙනවිත් තිබෙන මත්ද්‍රව්‍ය බව හෙළි වී ඇතැයිද ඔහු පෙන්වා දේ.
වීරවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු නාවික හමුදාව යොදවමින් මුහුදේ පරීක්ෂා කිරීම බොහෝ දුරට අඩාල කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සනත් වීරසිංහ වැනි අය තම බෝට්ටු මගින් තොග පිටින් මත්ද්‍රව්‍ය රටට ගෙනැවිත් ඇති බවයි.
මීට අමතරව, රතු ලයිස්තුවට ලේබල්ගත කළ කන්ටේනර් ඇතුළුව, කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව නිදහස් කිරීම හරහාද මේ මත්ද්‍රව්‍ය තොග පිටින් රට ඇතුළට පැමිණි බවටත් චෝදනා කරයි.
ඔහු අවධාරණය කරන්නේ, “කුඩු ගේන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන් කුඩු අල්ලන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්” යන පිළිකුල් සහගත තත්ත්වයක් අද දකින්නට ලැබෙන බවයි.
විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පම්පෝරි ගැසීම නවතා තමන්ගේ පාලන කාලය තුළ රට ඇතුළට කඩා වැදුණු මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා අවංක පියවර ගන්නා ලෙසයි. පොලීසියේ භාර ඇමතිවරයා දේශපාලන ප්‍රයෝජන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාව ඉටු කරන තත්ත්වයට නොවැටී බරපතල ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..