විදුලි ගාස්තු වැඩි විය යුතුමයි - IMF කියයි
ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසාය වල ඇතිවිය හැකි මූල්‍ය අවදානම් තත්වය මග හැරෙන බවද එම අරමුදල පැවැසුවේය.
ඉන්ධන සහ විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට එම ව්‍යවසායවල වැය කරන මුදල නැවත පාරිභෝගිකයාගෙන් අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුලුනක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.
විදුලිය ගාස්තුව සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ සංශෝධනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෑතකදී ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය විමසමින් අප පුවත්පත එම අරමුදලේ මාධ්‍ය ප්‍රකාශකවරියගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අදහස් පළ කළේය.
පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැවතවරක් පාඩු ලැබුවහොත් එම ව්‍යවසායන් රාජ්‍ය මූල්‍යයට බරක් වනු ඇති බවත් එවිට එම බර බදු ගෙවන්නන් මත පැටවෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගැනීමට හැකි වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සහතික වන අයුරින් මෙරට සෑම විදුලිය ගාස්තු සංශෝධනයක්ම සිදුවිය යුතු බවත් මෙරට විදුලිය ගාස්තුව සෑමවිටම තීරණයේ විය යුත්තේ එම ප්‍රතිපත්තියට අදාළව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..