උද්ධමනය හිතුවාට වඩා ඉහළ යෑමේ අවදානමක්..
උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා අවදානම් කිහිපයක් හේතු විය හැකි බව මහ බැංකුව පවසයි.
මේ සදහා ඉහළ ණය වර්ධනය සහ යථා තත්ත්වයට පත් වන ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ ඉල්ලුම් පීඩනයන් ක්‍රමයෙන් වර්ධනය වීම සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු කළ ගෙවීම් ද නුදුරු කාලීන පරිභෝජනය ඉහළ නැංවීමටට බලපෑම ද හේතු විය හැකි බව ද මහ බැංකුව ඉකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
ණය වර්ධනය ආර්ථික කටයුතු සඳහා සම්ප්‍රේෂණය වීම ආවේණිකවම යම් කාල පමාවකින් සිදු වීම මධ්‍යයේ, මෑතකාලීනව පැවැති පෞද්ගලික අංශයේ ඉහළ ණය වර්ධනය මැදි කාලීනව ඉල්ලුම් පීඩන ඉහළ යෑමේ අවදානම් ඇති කළ හැකි බව ද එහි දැක්වේ.
උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා මතුව ඇති අවදානම් පිළිබදව එම මහ බැංකු වාර්තාවේ මෙසේ ද සදහන් වේ.
අපේක්ෂිත මට්මට වඩා වේගයෙන් ආනයන ඉල්ලුම ඉහළ ගියහොත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පුරෝකථන ඉක්මවා යෑම සිදු විය හැකිය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ දිට්වා සුළි කුණාටුව සම්බන්ධ නැවත ගොඩනැගීමේ කටයුතු හේතුවෙන් ආනයන ඉහළ යා හැකි අතර, අපේක්ෂා කළ මට්මට වඩා වැඩි වෙළඳ හිඟය මගින් විදේශ විනිමය ඉල්ලුම ඉහළ නැංවීමට සහ විනිමය අනුපාතිකය මත පීඩනයක් ඇති කිරීමට ඉඩ ඇත. නිතර සිදුවන අහිතකර කාලගුණික තත්ත්ව කෘෂිකාර්මික නිෂ්පාදනයට බාධා ඇති කර විදුලි උත්පාදන ප්‍රභව මිශ්‍රණයේ වෙනස්කම් ඇති කළ හැකි අතර, පසෙහි ගුණාත්මකභාවය අඩුවීම කාලයත් සමඟ කෘෂිකාර්මික ඵලදායීතාව අඩු වීමට හේතු විය හැකිය. මේ සමඟ ඇති විය හැකි දිගු කාලයක් පුරා පවතින සැපයුම් අංශයේ බාධා ආහාර සහ බලශක්ති මිල ඉහළ යෑමට බලපානු ඇත. මෙම බලපෑම් අඛණ්ඩව පැවතුනහොත්, උද්ධමනය වත්මන් පුරෝකථන ඉක්මවා යා හැකිය.’
එක්සත් ජනපද සහ වෙනත් ප්‍රධාන ආර්ථිකවල පැතිරී පවත්නා දිගුකාලීන අවිනිශ්චිතතා සමඟ ගෝලීය භූ දේශපාලනික සහ සාර්ව ආර්ථික තත්ත්ව නිතර වෙනස් වෙමින් පවතින බවත් එසේම ගෝලීය සැපයුම් දාමවලට සහ භාණ්ඩ වෙළඳපොළට ඇතිවන බාධා මිල උච්චාවචන ඉහළ නැංවිය හැකි නිසා ඒ හරහා ද දේශීය උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇති කළ හැකි බව ද එහි සදහන් වේ.
මේ අතරම අනිත් අතට උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා පහළ යෑමේ අවදානම් පවතින බව ද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
- ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..