සුලි කුණාටුව ඇවිත් ගිහින් මාස තුනට ළගයි.. පිරිසක් තවමත් කූඩාරම්වල...
දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වු කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක් මාස දෙකක කාලයක් තිස්සේ එම වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදි කරන ලද කූඩාරම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ පදිංචිව සිටියි.
දිට්වා සුලි කුණාටුව පැමිණීමත් සමග තම වත්තේ කොටසක් නායයෑමත් සමග තමන් මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල සහ වතුයායේ කෝවිලේ පදිංචිව සිටි බවත් පසුව රජය මගින් අවතැන් වූ පවුල් 25කට ආරක්ෂිත ස්ථානයකට කූඩාරම් සකස් කර දුන් බවයි එම කුඩාරම්වල වෙසෙන ජනතාව කියා සිටියේ.
වැසි දින වලදී සහ අධික සුළං තත්වය පවතින කාලයේදි කූඩාරම්වල රැදී සිටිමට නොහැකි තත්වක් උද්ගත වී ඇති බවත්, දැනට රජය මගින් තමන්ට නිවාස අලුතින් ඉදි කර දෙන බවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුන කඩිනමින් ඉටු කිරිමට රජයේ බලධාරින් පියවර ගත යුතු බවයි කොත්මලේ වැවන්ඩන් වතුයායේ කුඩාරම්වල වෙසෙන අවතැන් වු ජනතාව කියා සිටියේ.
ඉදිරි දිනවලදී කොත්මලේ ප්‍රදේශයට අධික සුළං සහ අධික වැසි තත්වයක් ඇති විමේ අවධානමක් ඇති නිසා එම අවධානමට ප්‍රථම තමන් දැනට පදිංචි කුඩාරම්වලින් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කරල ලෙසයි එම ජනතාව කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..