අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයා විසින් නතර කිරීමට කියද්දී ජාතික ජනබලවේගයේ කොටස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙ කෙසේ හෝ කළ යුතුයැයි උද්ඝෝෂණය කරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා නොවෙයිදැයි දැන් ගැටලුවක් ඇති වී ඇති බවත් ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරට ගොස් පැවසූ කතාවෙන් නොකියා කියන්නේ උතුරු පළාත එක් ජන කොටසකට පමණක් අයිති බව හා උතුරේ වැඩ උතුරෙන් බලාගත්තුදෙන් දකුණේ වැඩ අපි බලාගම්මු යැයි හැඟවෙන කතාවක් බවත්, මෙවැනි ප්‍රකාශ නිසා සිදුවන්නේ දකුණෙන් උතුරට යන ජනතාව කෙරෙහි වෛරී සහගත හැගීමක් දෙමළ ජනතාව තුළ ඇති වීම බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශය වෙත ඉන්දියාවේ මෑන් ෆාර්මසිඕටිකල් සමාගම (MAAN PHARMACEOTICAL LTD) විසින් සපයන ලද ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත් (ONDANSETRON INJECTION) භාවිත කිරීමෙන් හා ඉන්දියාවේ ඉකෝර් බයෝලොජික්ස් පුද්ගලික සමාගම (ICHOR BIALOGICS PVT-LTD) විසින් සපයන ලද හියුමන් ඉමියුනොග්ලෝබියුලින්, (HUMAN IMMUNOGLOBULIN) එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ පහ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..