News Category
From Date
To Date
Maximum Number of Result

චීනය විසින් 'බෙල්ට් ඇනඩ් රෝඩ්' ව්‍යාපෘතියෙන් ආයෝජනය කළ රටවල් සෑම එකකම පාහේ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ඉතා බලසම්පන්න ලෙස සිදුවෙමින් ඇති බවත්, ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්ථානය ඇතුළ රටවල මෑතකාලීනව සිදුවූ සිදුවීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇති බව වාර්තා වේ.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2024 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වේ.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

ජාතික සංවිධානවල දැඩි විරෝධයට ලක් වූ සත්‍ය සෙවිමේ කොමිසම පනත පාර්ලිමේන්කුවේ සභාගත කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය. රුසියාව ඩොන්බාස් හි ප්‍රධාන ප්‍රදේශවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය. වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. “විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචනා කරන ලද " එන්.පී.පී කතාව සහ ජේ.වි.පි ක්‍රියාව" කෘතිය හෙට (0‍ෙ) පස්වරු 3.30 ට බොරැල්ල කොටා පාරේ ,අංක -106 ,දරන ස්ථානයේ පිහිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී එළීදැක්වීමට කටයුතු යොදා ඇත.


ප්‍රධාන පුවත්

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.