
නලින්ද ජයතිස්ස ආගම් සරදමට ලක් කිරීම ගැලපෙන්නේ නෑ... නිරාගමික ව්‍යවස්ථාවක් ඕනෑ කියන අගමැතිවරියක් ඉන්න ආණ්ඩුවකින් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ - ගම්මන්පිල කියයි
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පිලිකා රෝහලේ දී සිදු කරණු ලැබූ ප්‍රකාශ හරහා සිදු කරණු ලැබූවේ මෙරට පරිත්‍යාගශීලින් අධෛර්මත් කිරීමත් බෞද්ධ සංස්කෘතියට සහ අනිකුත් ආගම්වලටද පහර ගැසීමත් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"නලින්ද ජයතිස්ස ඇමතිතුමා පිලිකා රෝහලේ දී සිදු කළ කතාව ගැන අදහස් දක්වන්න කලින් සම්පූර්ණ කතාවට සවන් දෙන්න කියලා ආණ්ඩුවේ අය කියන නිසා මම සම්පූර්ණයෙන්ම ඒ කතාව ඇහුව්වා. එතුමා නොදැන සිටියාට කිසිම දානපතියෙකුට රෝහලකට ඇවිත් බලහත්කාරයෙන් කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ. බලහත්කාරයෙන් කිසිම පරිත්‍යාගයක් භාර ගන්න බෑ. රෝහල් ප්‍රධානියාගෙන් ඒ සඳහා අවසරය ඕනි. ඉදි කිරීමක් නම් පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්න ඕනි. ඒ නිසා කාටවත් තමන්ට ඕනි ඕනි ආකාරයට රෝහල් වලට පරිත්‍යාග දෙන්න බෑ. රෝහලේ අවශ්‍යතා අනුව තමයි පරිත්‍යාග ලබා දෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය අමුතුවෙන් නලින්ද ඇමතිතුමා හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ.
පිලිකා රෝහලට ළමා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් රෝහල් බලධාරින් විසින් දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලුවත් ආර්ථික අර්බූදය නිසා දිගින් දිගටම පස්සට තල්ලු වුණු ව්‍යාපෘතියක්. රෝහල් බලධාරින් ජාතික සැලැස්මෙන් පිටත මේ ඉදිකිරීම කලා කියමු. ඒක රෝහල් බලධාරින් සමග තිබෙන අභ්‍යන්තර සාකච්ඡාවක දී මතු කළ යුතු දෙයක් මිස මිලියන දෙසීයකට ආසන්න පරිත්‍යාගයක් කළ අවස්ථාවක පරිත්‍යාගශීලින් ඉදිරිපිට සඳහන් කළ යුතු දෙයක් නොවේ.
සෞඛ්‍ය ඇමතිවරයාගේ කතාවෙන් අර්බූද ගණනාවක් එලියට එනවා. අපේ රටේ ආගමික ආයතන වලට විශාල පරිත්‍යාග ලැබෙනවා. සමහර ආයතන රෝහල් වලට සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කරනවා. සමහරු එහෙම කරන්නේ නෑ. එහෙම නම් පරිත්‍යාගය කළ පුද්ගලයා අගය කරලා ඇමතිතුමා කතා කලා නම් අනෙකුත් ආගමික ආයතන වලට මෙවැනි පරිත්‍යාග කරන්න අදහස පහල වෙනවා. කතරගම දේවාලේ බස්නායක නිලමේතුමාට වුණත් තව තවත් පරිත්‍යාග කරන්න චේතනාව පහල වෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට වඩා භාණ්ඩාගාරය වැය කරනවා කියලා කිව්වේ. ඔව් අපි බදු මුදල් දුන්නේ එකට තමයි. එක ආණ්ඩුවේ වගකීම මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක් මේකයි එකයි අතර දැවැන්ත වෙනසක් තියෙනවා කියන එක වෛද්‍යවරයෙක් වෙච්ච නලින්ද ඇමතිතුමා නොදැන සිටිම සිදුවන්නේ එතුමා රෝහලක ප්‍රතිකාර කිරිමට රෝහලක සේවය කිරිමට අවස්ථාව නොලැබුන නිසාදෝ කියලා අපිට හිතෙනවා.
මේ වන විට බස්නායක නිළමේතුමාට ප්‍රසිද්ධියේ සරදම් කලාට අමතරව සමාජමාධ්‍යවල එතුමා දැවැන්ත හොරෙක් ලෙස හන්වඩු ගසමින් මඩ ප්‍රහාරයක් එල්ල වෙනවා ඒ විතරක් නෙමෙයි. එතුමට එරෙහිව සීඅයිඩී එකට පැමිණිල්ලකුත් කරලා. මේ සියල්ලට හේතුව පිලිකා රෝහලට ඒකකයක් පරිත්‍යාග කිරීම. එතුමාත් අනිත් බස්නායක නිළමේලා වගේ මෙවැනි පරිත්‍යාගයක් නොකර හිටියා නම් මේ කිසි කරදරයක් නෑ. මේ පරිත්‍යාගය හෑල්ලු කලාම කාටද පරිත්‍යාගයක් කරන්න හිතෙන්නේ?
අපේ රටේ සෞඛ්‍ය සේවාවට දැවැන්ත පරිත්‍යාග තොගයක් දානපතියන්ගෙන් ලැබෙනවා. ඒ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවට වැය වන මුදල ජනතාව මත බදු පටවමින් සොයා ගන්න ආණ්ඩුවට සිදු වෙන්නේ නෑ. ඒක ජනතාවට විශාල සහනයක්. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව හරහා ඒ දානපතියන්ට ලබා දෙන පණිවිඩය මොකක්ද? උඹලාට සල්ලි වැඩිපුර තිබෙනවා නම් රෝහල් වලට පරිත්‍යාග නොකර ලෝක වටේ ඇවිදලා ඒ සල්ලි වලින් සතුටු වෙයල්ලා. අපි දුප්පත් ජනතාව මත තව තවත් බදු ගහලා උන්ගේ රීරි මාංශයම හූරගෙන කාලා සෞඛ්‍ය වියදම සොයා ගන්නම් කියන එක නේද? මේක සමාජවාදි ජවිපෙ ප්‍රතිපත්තිය නම් නොවේ. මාලිමාවේ නව ලිබරල්වාදය නලින්ද සහෝදරයත් වැළඳ ගෙන ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.
ඒ වගේම තිස්තුන් කෝටියක් දෙවියන් සිටින බව විශ්වාස කරන්නේ හින්දු ආගම තුලයි. කතරගම දෙවියන් කියන්නෙත් හින්දු බෞද්ධ දෙපාර්ශවයම අදහන දෙවි කෙනෙක්. මේ දේව සංකල්පයන් සරදමට ලක් කිරීම නිරාගමික නලින්ද සහෝදරයාට ගැලපෙන්න පුළුවන්. නමුත් අපේ ව්‍යවස්ථාවෙන් සියළුම ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම රාජ්‍යයට පවරා තිබෙනවා. ඒ නිසා ඇමති ධූරය භාර ගන්නා අවස්ථාවේ ව්‍යස්ථාව රකින්න ප්‍රතිඥා දුන්නු නලින්ද ඇමතිතුමාට ආගම් සරදමට ලක් කිරීම ගැලපෙන්නේ නෑ කියන එක එතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.
දානය කියන්නේ බුදු දහමේ එන දස පුන්‍ය ක්‍රියාවන්ගෙන් පළමු පුන්‍ය ක්‍රියාව. ඒ දානය අදිරිමත් කරනවා කියන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා කියන එකයි. නිරාගමික ව්‍යවස්ථාවක් ඕනෑ කියන අගමැතිවරියක් සිටින ආණ්ඩුවකින් අපට මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ."
– Midea unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
