නලින්ද ජයතිස්ස ආගම් සරදමට ලක් කිරීම ගැලපෙන්නේ නෑ... නිරාගමික ව්‍යවස්ථාවක් ඕනෑ කියන අගමැතිවරියක් ඉන්න ආණ්ඩුවකින් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ - ගම්මන්පිල කියයි
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පිලිකා රෝහලේ දී සිදු කරණු ලැබූ ප්‍රකාශ හරහා සිදු කරණු ලැබූවේ මෙරට පරිත්‍යාගශීලින් අධෛර්මත් කිරීමත් බෞද්ධ සංස්කෘතියට සහ අනිකුත් ආගම්වලටද පහර ගැසීමත් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"නලින්ද ජයතිස්ස ඇමතිතුමා පිලිකා රෝහලේ දී සිදු කළ කතාව ගැන අදහස් දක්වන්න කලින් සම්පූර්ණ කතාවට සවන් දෙන්න කියලා ආණ්ඩුවේ අය කියන නිසා මම සම්පූර්ණයෙන්ම ඒ කතාව ඇහුව්වා. එතුමා නොදැන සිටියාට කිසිම දානපතියෙකුට රෝහලකට ඇවිත් බලහත්කාරයෙන් කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ. බලහත්කාරයෙන් කිසිම පරිත්‍යාගයක් භාර ගන්න බෑ. රෝහල් ප්‍රධානියාගෙන් ඒ සඳහා අවසරය ඕනි. ඉදි කිරීමක් නම් පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්න ඕනි. ඒ නිසා කාටවත් තමන්ට ඕනි ඕනි ආකාරයට රෝහල් වලට පරිත්‍යාග දෙන්න බෑ. රෝහලේ අවශ්‍යතා අනුව තමයි පරිත්‍යාග ලබා දෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය අමුතුවෙන් නලින්ද ඇමතිතුමා හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ.
පිලිකා රෝහලට ළමා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් රෝහල් බලධාරින් විසින් දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලුවත් ආර්ථික අර්බූදය නිසා දිගින් දිගටම පස්සට තල්ලු වුණු ව්‍යාපෘතියක්. රෝහල් බලධාරින් ජාතික සැලැස්මෙන් පිටත මේ ඉදිකිරීම කලා කියමු. ඒක රෝහල් බලධාරින් සමග තිබෙන අභ්‍යන්තර සාකච්ඡාවක දී මතු කළ යුතු දෙයක් මිස මිලියන දෙසීයකට ආසන්න පරිත්‍යාගයක් කළ අවස්ථාවක පරිත්‍යාගශීලින් ඉදිරිපිට සඳහන් කළ යුතු දෙයක් නොවේ.
සෞඛ්‍ය ඇමතිවරයාගේ කතාවෙන් අර්බූද ගණනාවක් එලියට එනවා. අපේ රටේ ආගමික ආයතන වලට විශාල පරිත්‍යාග ලැබෙනවා. සමහර ආයතන රෝහල් වලට සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කරනවා. සමහරු එහෙම කරන්නේ නෑ. එහෙම නම් පරිත්‍යාගය කළ පුද්ගලයා අගය කරලා ඇමතිතුමා කතා කලා නම් අනෙකුත් ආගමික ආයතන වලට මෙවැනි පරිත්‍යාග කරන්න අදහස පහල වෙනවා. කතරගම දේවාලේ බස්නායක නිලමේතුමාට වුණත් තව තවත් පරිත්‍යාග කරන්න චේතනාව පහල වෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට වඩා භාණ්ඩාගාරය වැය කරනවා කියලා කිව්වේ. ඔව් අපි බදු මුදල් දුන්නේ එකට තමයි. එක ආණ්ඩුවේ වගකීම මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක් මේකයි එකයි අතර දැවැන්ත වෙනසක් තියෙනවා කියන එක වෛද්‍යවරයෙක් වෙච්ච නලින්ද ඇමතිතුමා නොදැන සිටිම සිදුවන්නේ එතුමා රෝහලක ප්‍රතිකාර කිරිමට රෝහලක සේවය කිරිමට අවස්ථාව නොලැබුන නිසාදෝ කියලා අපිට හිතෙනවා.
මේ වන විට බස්නායක නිළමේතුමාට ප්‍රසිද්ධියේ සරදම් කලාට අමතරව සමාජමාධ්‍යවල එතුමා දැවැන්ත හොරෙක් ලෙස හන්වඩු ගසමින් මඩ ප්‍රහාරයක් එල්ල වෙනවා ඒ විතරක් නෙමෙයි. එතුමට එරෙහිව සීඅයිඩී එකට පැමිණිල්ලකුත් කරලා. මේ සියල්ලට හේතුව පිලිකා රෝහලට ඒකකයක් පරිත්‍යාග කිරීම. එතුමාත් අනිත් බස්නායක නිළමේලා වගේ මෙවැනි පරිත්‍යාගයක් නොකර හිටියා නම් මේ කිසි කරදරයක් නෑ. මේ පරිත්‍යාගය හෑල්ලු කලාම කාටද පරිත්‍යාගයක් කරන්න හිතෙන්නේ?
අපේ රටේ සෞඛ්‍ය සේවාවට දැවැන්ත පරිත්‍යාග තොගයක් දානපතියන්ගෙන් ලැබෙනවා. ඒ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවට වැය වන මුදල ජනතාව මත බදු පටවමින් සොයා ගන්න ආණ්ඩුවට සිදු වෙන්නේ නෑ. ඒක ජනතාවට විශාල සහනයක්. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව හරහා ඒ දානපතියන්ට ලබා දෙන පණිවිඩය මොකක්ද? උඹලාට සල්ලි වැඩිපුර තිබෙනවා නම් රෝහල් වලට පරිත්‍යාග නොකර ලෝක වටේ ඇවිදලා ඒ සල්ලි වලින් සතුටු වෙයල්ලා. අපි දුප්පත් ජනතාව මත තව තවත් බදු ගහලා උන්ගේ රීරි මාංශයම හූරගෙන කාලා සෞඛ්‍ය වියදම සොයා ගන්නම් කියන එක නේද? මේක සමාජවාදි ජවිපෙ ප්‍රතිපත්තිය නම් නොවේ. මාලිමාවේ නව ලිබරල්වාදය නලින්ද සහෝදරයත් වැළඳ ගෙන ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.
ඒ වගේම තිස්තුන් කෝටියක් දෙවියන් සිටින බව විශ්වාස කරන්නේ හින්දු ආගම තුලයි. කතරගම දෙවියන් කියන්නෙත් හින්දු බෞද්ධ දෙපාර්ශවයම අදහන දෙවි කෙනෙක්. මේ දේව සංකල්පයන් සරදමට ලක් කිරීම නිරාගමික නලින්ද සහෝදරයාට ගැලපෙන්න පුළුවන්. නමුත් අපේ ව්‍යවස්ථාවෙන් සියළුම ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම රාජ්‍යයට පවරා තිබෙනවා. ඒ නිසා ඇමති ධූරය භාර ගන්නා අවස්ථාවේ ව්‍යස්ථාව රකින්න ප්‍රතිඥා දුන්නු නලින්ද ඇමතිතුමාට ආගම් සරදමට ලක් කිරීම ගැලපෙන්නේ නෑ කියන එක එතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.
දානය කියන්නේ බුදු දහමේ එන දස පුන්‍ය ක්‍රියාවන්ගෙන් පළමු පුන්‍ය ක්‍රියාව. ඒ දානය අදිරිමත් කරනවා කියන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා කියන එකයි. නිරාගමික ව්‍යවස්ථාවක් ඕනෑ කියන අගමැතිවරියක් සිටින ආණ්ඩුවකින් අපට මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ."
– Midea unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..