
සහල් මාෆියාවේ නායකයා ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජනාධිපතිතුමා මේසයට ගහලා නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 230ට නියම කළත් ඊයේ වෙළඳපොලේ නාඩු කිලෝවක් අපි ගත්තේ රුපියල් 240ට. පසුගිය කන්නය කපන විට නාඩු කිලෝවක මිල රු170/-යි. එතකොට වී මිල දී ගත්තෙත් රුපියල් පහක වත් ලාභයක් තබා ගෙන විකුණන්නයි. එහෙම බලන විට රු230/- විකිණෙන විට මෝල්හිමියන්ට රු65/-ක ලාභයක් තිබෙනවා. එහෙම නම් ආණ්ඩුව සහල් ආනයනයෙන් බලාපොරොත්තු විය යුත්තේ සහල් මිල රු230/- සිට 170/- දක්වා පහත හෙලීමයි.
අතීතයේ දී ආණ්ඩු සහල් ආනයනය කරලා අඩු මිලට වෙළඳපොලට හඳුන්වා දීමෙන් තමයි මෝල්හිමියන් මට්ටු කරලා සහල් මිල පහත දැම්මේ. නමුත් මේ ආණ්ඩුව මොකද කලේ? ආනයනිත සහල් මත රු65/-ක බද්දක් දාලා ආනයනිත සහල් මිල දේශීය සහල් මිලට සමාන කලා. ඒකෙන් මේ අසාධාරණ සහල් මිල දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ආණ්ඩුවත් දායක වුණා.
රු65/- බද්දක් වෙනුවට රු45/- බද්දක් පැනෙව්වා නම් ආනයනිත සහල් කිලෝවක් රු210/-ට විකුණන්න පුළුවන් වෙනවා. ආනයනිත සහල් රු210/- ට වෙළඳපොලේ තිබිය දී තමන්ගේ ගැනුම්කරුවා රැක ගන්න නම් දේශීය සහල් ද රු 210/-ට හෝ ඒ ආසන්න මිලකට විකුණන්න වෙනවා. සහල් මිල රු210/-ට ආවාම ඊ ලඟ සහල් තොගයට අය කරන බද්ද රු 15/- දක්වා අඩු කරනවා. එතකොට සහල් මිල රු180/- දක්වා අඩු වෙනවා.
ජනතාවට බත් කන්න පුළුවන් මිලකට සහල් මිල පහත වැටෙනවා. අද සහල් මිල පහත වැටීමට තිබෙන ලොකුම බාධාව තමයි සහල් මත අය කරන රු65/- බද්ද. ඒ නිසා සහල් මාෆියාවේ නායකයා වෙන කවුරුවත් නොවේ වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මැතිතුමාය කියන එක බය නැතිව කියන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
