
මෝදිගේ සංචාරයට පෙර ඉන්දීය උසස් ආරක්ෂක කණ්ඩායම පැමිණේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම සතියේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා ඉන්දියාවේ උසස් ආරක්ෂක කණ්ඩායමක් කොළඹට පැමිණ ඇති බව මාධ්‍ය වතා කරයි.
අගමැති මෝදි 2025 අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර කොළඹ සහ අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෝදි සිකුරාදා සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ ලේකම්වරයා ඇතුළු ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ කොළඹදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ ආධාර ලබන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට ද මෝදි අනුරාධපුරයට පැමිණීමට නියමිතයි.
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ජනාධිපති ආරක්ෂක අංශය සහ දැනටමත් කොළඹ සිටින ඉන්දීය ආරක්ෂක කණ්ඩායම සමඟ සම්බන්ධීකරණය කරමින් මෝදි කොළඹට පැමිණීමේදී සහ පිටත්ව යන අවස්ථාවේ ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කරනු ඇත.
මෝදි සහ ඔහුගේ දූත පිරිස ගුවන් තොටුපළ සහ කොළඹ අතර ගමන් කරන විට මෙන්ම කොළඹ සහ අනුරාධපුරයේ අනෙකුත් ඉහළ පෙළේ චලනයන් වලදී මාර්ග කිහිපයක් වරින් වර වසා දමනු ලැබේ. "කොළඹ සහ අනුරාධපුර දෙකේම දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරනවා. ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා විශාල පොලිස් සහ එස්ටීඑෆ් භට පිරිසක් යොදවනවා," උසස් නිලධාරියා පැවසීය.
මෙම සංචාරයේදී ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට පැහැදිලි උපදෙස් ලබාදී ඇත. ආරක්‍ෂිත සහ සුමට සිදුවීමක් සඳහා සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බව සහතික කරමින් සංචාරය සඳහා සූදානම් වීමේ ආරක්‍ෂක පෙරහුරුවක් අද (2) පැවැත්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
