රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
රට වෙනස් කරන්නට පැමිණි නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්නට උත්සාහ දරන බව
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.
ඔහු මෙසේ සඳහන් කරන්නේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා IQ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්ගේ අත්සනින් යුත් එම ප්‍රකාශයේ සඳහන් වන පරිදි සම සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තීමය උපාධිධාරින් උපාධි සහතිකය ලබාගෙන ඇත්තේ විශ්වවිද්‍යාලවල පැවැත්වූ සියලු විභාග සමත්වීමෙන් අනතුරුව ය.
එම උපාධිධාරින් අවසාන විභාගයේ දී ලබාගත් ලකුණු පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුසලතා ලේඛනයක් සෞඛ්‍ය මාධ්‍යාංශයට ඒවා තිබිය දී එය පසෙකලා නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව බලහත්කාරයෙන් කඳුවල උස, ගංගාවල දිග, යනාදිය විමසන විභාගයක් පැවැත්විමට සූදානම් වන්නේ දේශපාලන බලපෑම් කරලා තමන්ට අවශ්‍ය පිරිස් බඳවා ගැනීම සඳහා ය.
මතු පළ වන්නේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්ගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ ප්‍රකාශය යි.
සම සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තීමය උපාධිධාරින් උපාධි සහතිකය අරගෙන තියෙන්නේ විශ්ව විද්‍යාලවල කරන්න තියෙන සියලු විභාග කරල ඉවරවෙලා. ඒ අයගේ අවසාන විභාගයේ ගත්ත ලකුණු පදනම් කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුසලතා ලේඛනයක් සෞඛ්‍යමාධ්‍යාංශයට එවලා තියෙනවා. ඒකට පයින් ගහලා තමයි නලින්ද ජයතිස්ස බලහත්කාරයෙන් කඳුවල උස ගංගාවල දිග වගේ ඒවා අහන විභාගයක් තියන්න හද දේශපාලණ බලපෑම් කරලා තමන්ට ඕනේ අයව බඳවා ගන්න.
ජාතික ජනබලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට බඳවා ගන්න ඉන්න උපාධිදාරීන්ගේ ලිපිනය, දුරකථන අංකය ඇතුළු රහස් තොරතුරු දුන්නේ කවුද? මේ තොරතුරු ප්‍රාදේශීය දේශපාළකයන් අතට ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒක බරපතල රාජකාරීමය වරදක්. ඒ තොරතුරු පාවිච්චි කරලා, ඔවුන් පළාත් පාලන ඡන්දේ ඉලක්ක කර ගනිමින් ප්‍රචාරණ කටයුතු කරනවා. ඒක මැතිවරණ නීතියටත් පටහැනි. මෙහෙම තත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය තියන විභාගයක් ගැන විශ්වාසය තියා ගන්නේ කොහොමද?
දේශපාලකයන්ගේ ලයිස්තු වලට ආණ්ඩුවේ රස්සාවල් දෙන එකට තිත තියලා ගොඩාක් කල්. රට වෙනස් කරන්න ආපු නලින්දලා JR යුගයටත් කලින් තිබුණු නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්න යන උත්සාහයක් මේක.
රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..