
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
රට වෙනස් කරන්නට පැමිණි නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්නට උත්සාහ දරන බව
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.
ඔහු මෙසේ සඳහන් කරන්නේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා IQ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්ගේ අත්සනින් යුත් එම ප්‍රකාශයේ සඳහන් වන පරිදි සම සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තීමය උපාධිධාරින් උපාධි සහතිකය ලබාගෙන ඇත්තේ විශ්වවිද්‍යාලවල පැවැත්වූ සියලු විභාග සමත්වීමෙන් අනතුරුව ය.
එම උපාධිධාරින් අවසාන විභාගයේ දී ලබාගත් ලකුණු පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුසලතා ලේඛනයක් සෞඛ්‍ය මාධ්‍යාංශයට ඒවා තිබිය දී එය පසෙකලා නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව බලහත්කාරයෙන් කඳුවල උස, ගංගාවල දිග, යනාදිය විමසන විභාගයක් පැවැත්විමට සූදානම් වන්නේ දේශපාලන බලපෑම් කරලා තමන්ට අවශ්‍ය පිරිස් බඳවා ගැනීම සඳහා ය.
මතු පළ වන්නේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්ගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ ප්‍රකාශය යි.
සම සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තීමය උපාධිධාරින් උපාධි සහතිකය අරගෙන තියෙන්නේ විශ්ව විද්‍යාලවල කරන්න තියෙන සියලු විභාග කරල ඉවරවෙලා. ඒ අයගේ අවසාන විභාගයේ ගත්ත ලකුණු පදනම් කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුසලතා ලේඛනයක් සෞඛ්‍යමාධ්‍යාංශයට එවලා තියෙනවා. ඒකට පයින් ගහලා තමයි නලින්ද ජයතිස්ස බලහත්කාරයෙන් කඳුවල උස ගංගාවල දිග වගේ ඒවා අහන විභාගයක් තියන්න හද දේශපාලණ බලපෑම් කරලා තමන්ට ඕනේ අයව බඳවා ගන්න.
ජාතික ජනබලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට බඳවා ගන්න ඉන්න උපාධිදාරීන්ගේ ලිපිනය, දුරකථන අංකය ඇතුළු රහස් තොරතුරු දුන්නේ කවුද? මේ තොරතුරු ප්‍රාදේශීය දේශපාළකයන් අතට ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒක බරපතල රාජකාරීමය වරදක්. ඒ තොරතුරු පාවිච්චි කරලා, ඔවුන් පළාත් පාලන ඡන්දේ ඉලක්ක කර ගනිමින් ප්‍රචාරණ කටයුතු කරනවා. ඒක මැතිවරණ නීතියටත් පටහැනි. මෙහෙම තත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය තියන විභාගයක් ගැන විශ්වාසය තියා ගන්නේ කොහොමද?
දේශපාලකයන්ගේ ලයිස්තු වලට ආණ්ඩුවේ රස්සාවල් දෙන එකට තිත තියලා ගොඩාක් කල්. රට වෙනස් කරන්න ආපු නලින්දලා JR යුගයටත් කලින් තිබුණු නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්න යන උත්සාහයක් මේක.
රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
