News Category
From Date
To Date
Maximum Number of Result

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා ඇත්තේ.

මුදල් විශුද්ධීකරණ පනත සංශෝධනය කර දෙමළ ඩයස් පෝරාවේ සහ ජාවාරම්කරුවන්ගේ මුදල් ආයෝජන නාමයෙන් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටන බවත් ඒය ඒසේ සිදුකළහොත් ලොකු වළක වැටීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් විසින් තම අධ්‍යාපනය සඳහා මෘත දේහ දන් දුන් උතුම් පුද්ගලයන්ට පින් පිණිස දානමය පින්කමක් පවත්වා ඇති බව වාර්තාවේ.

තමාගේ දරුවකුගේ නමද සඳහන් කරමින් අද උදෑසන වාර්තා වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

පසුගිය දශකය තුළ මෙරට වාර්ෂික උපත් සංඛ්‍යාව සැළකිව යුතු ලෙස අඩු වී ඇති අතර 2013 වසරේදී මෙරට උපත් සංඛ්‍යාව 350,000 ක් ලෙස වාර්තා විය.

මුජුබර්ගේ දුරකථන අංක බැංකු ගිණුම් වහාම පරීක්ෂා කරන ලෙස ඉල්ලමින් අල්ලස නාස්තිය දුෂණයට එරෙහි පුරවැසි බලයේ සභාපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමාරම්භක උත්සවය සඳහා රජය රුපියල් ලක්ෂ 70ක් වියදම් කළ බවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමාරම්භක උත්සවය සඳහා රජය රුපියල් ලක්ෂ 70ක් වියදම් කළ බවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.


ප්‍රධාන පුවත්

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.