News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ චෙන්නායි නුවර 2025 ලෝක දෙමළ ඩයස්පෝරා දිනය වෙනුවෙන් පැවති සැමරුමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අඩෛකලනාදන්, රාසපුත්‍රම් රාසමානික්කම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගි වී තිබෙනවා.

වර්තමාන ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගියේ වරප්‍රසාද භුක්ති විඳීන්න නොවෙයි - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන බව වාර්තා වේ.

ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.

ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා මාධ්‍ය ආයාතනය එක්ව ජනවාරි මස 10 වනදා සිට පෙබරවාරි 2 වෙනිදා දක්වා කොළඹ ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත ලෝක ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය 2024 රුසියාව සම්බන්ධයෙන් බරපතල වැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කර ශ්‍රී ලංකාවේ ඇතැයි රුසියානු තානාපති කාර්යාලය පවසයි

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.


ප්‍රධාන පුවත්

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.