News Category
From Date
To Date
Maximum Number of Result

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා" ලෙස හඳුන්වන එඩ්වඩ් බර්නේස් යනු නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය.

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය.

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස් අවසාන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න බණ්ඩාර මහතා පවසන්නේ හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 - 350 දක්වා ඉහල යනු ඇති බවයි.

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ගත යුතු බවට වන නියමය නොසලකා හරිමින් සිටිති.

බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීමට උත්සාහ කරන බව වරාය ඇමැති බිමල් රත්නායක පවසයි. රේගු ප්‍රමාදයන් සහ ට්‍රක් රථ තදබදය හේතුවෙන් නැව් 30ක් පමණ කොළඹ වරායට මගහැර ගොස් ඇති බවත් ආනයනික බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සති අන්තයේ රේගු සහ වරාය සේවා සපයන්නන් සමග පැවති හමුවකින් පසුව ඔහු පැවසීය. මේ අතර නැව්කරුවන් පැවසුවේ වරාය පර්යන්ත අභ්‍යන්තරයේ ට්‍රක් රථවල තදබදය නිසා නෞකා ලංකාව මගහැර ගමන් කර ඇති බවයි.

සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටින හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය කිරීමට හැකි වූ බව හෝමාගම සමූපකාරයේ හිටපු සභාපති සේනක මංගල ඊරියගොල්ල මහතා පවසයි. ඒ් අනුව හෝමාගම සමූපකාර ප්‍රාදේශීක 56ක බලය තමන් සතු කරගත් බවත් මාලිමාවට දිනාගත හැකි වූයේ සමූපකාර ප්‍රාදේශීක 44ක් බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.


ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.