News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු විධායක ජනාධිපතිවරුන් සියලු දෙනාම එකට එක්ව නීතිමය පියවර ගැනීම සඳහා මූලික සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් පැය හතරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන ඇත.

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ.

වෙනිසියුලාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි බලපෑම් හමුවේ වර්තමාන වෙනිසියුලානු රාජ්‍යයේ ගමන් මග සම්බන්ධයෙන් විනිසියුලාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා සමග ලංකා ලීඩර් පැවැත් වූ සංවාදයක් මෙලෙස පළ කරන්නෙමු.

චීන විදේශ අමාත්‍යාංශය රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අතිරේක වෙළඳ තීරුබදු තර්ජන ප්‍රතික්ෂේප කර ඇති අතර, බීජිනය තම ජාතික අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කරන බව අවධාරණය කරයි.

අනුර ඊයේ තකහනියේ පාර්ලිමේන්තුවට ඇවිත් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරන්න එපා කීවේ වැසිකිලියට ගිහිල්ලා හරියට දෑත් සෝදා ගන්නවත් පණක් නැති විපක්ෂයට නොවේ.

1990 දශකයේ මුල් භාගයේදී, ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මාවනැල්ලේ මස්ජිඩ්-උල්-හුඩා පල්ලියේදී ඉජ්තිමාවක් සංවිධානය කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Reforms) ක්‍රියාවලියක් යනු පවතින පද්ධතියක් තව දුරටත් දියුණු කිරීම මගින් සුවිශේෂී අභියෝග සහ ගැටළුවලට මුහුණ දීම මෙන්ම පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නක් බවත්, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය විසින් ඉදිරිපත් කරන විෂය මාලා සංශෝධනය සමස්ථ පරිවර්ථනයේ අරම්භයක් හෝ කොටසක් ලෙස එහි පැහැදිලිව සඳහන් නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අරගල සමයේදී ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (7 වැනිදා) වරද පිළිගත්තේය.


ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.