වරාය ලොක්කා බිමල්ට එරෙහිව නඩු යයි..
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
අදාළ ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගත්තේය.
එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් වරාය අධිකාරිය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කරනු ලැබීය.
ප්‍රභාත් මලවිගේ මහතා මීට පෙර දැරූ "අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්)" තනතුරෙහි වර්තමානයේ පුරප්පාඩුවක් පවතින්නේද යන්න විමසා බලා, එහි ඔහු යළි පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ අධිකරණයට දන්වන ලෙස නියම විය.
මෙම නඩු විභාගය අවසන් වන තෙක්, දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ සිටින ගනක හේමචන්ද්‍ර මහතා ඔහුගේ පෙර තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ එකඟතාව විමසන ලෙස දැනුම් දෙන ලදී.
අතිරේක සොලිසිටර් ජනරාල් වෙත උපදෙස් දෙමින් විනිසුරු මඩුල්ල අවධාරණය කළේ, වරාය අධිකාරියේ උපදෙස් ලබාගෙන මෙම යෝජනා සම්බන්ධයෙන් වන ස්ථාවරය ලබන ජනවාරි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..