

බැඩ්මින්ටන් ජාතික ශූරයා ශ්‍රී ලංකාවේ සිටියදී 2023 ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා අනුශූරයා ඊට සහභාගි කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (07) දිනයේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 'එට්කා' ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනමින් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විවිධ රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා වෙනම නිලධාරියෙකු හා කාර්යාලයක් ද ස්ථාපිත කර ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
