ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ශ්‍රී ලංකා වෙරළට..
ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09දා) සවස 5.30ත් රාත්‍රි 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ඊයේ (08දා) පැවසීය. මෙම පද්ධතියේ බලපෑම ඉරිදා (11දා) තෙක් පැවතිය හැකි යැයි ද හෙතෙම කීය.
මෙම පද්ධතිය ඊයේ (08දා) පෙරවරු 5.30 වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝමීටර් 420ක් ගිනිකොන දෙසින් කේන්ද්‍රගතව පැවතුණි. ඊයේ පෙරවරු 10.00 පමණ වනවිට එම පද්ධතිය පොතුවිල් සිට කිලෝමීටර් 300ක පමණ ගිනිකොන දෙසින් ස්ථානගත වී පැවති බවද ඒ මහතා පැවසීය.
විශේෂයෙන් මෙහි බලපෑම හේතුවෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නැවත දැනුම් දෙනතුරු නොයෙදෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය. මුහුදු ප්‍රදේශවල ඇතැම් විට පැයට කිලෝමීටර් 70-80 වැනි වේගයකින් සුළං හැමිය හැකි බවත් මුහුදේ රළ මීටර් 02ත් 03ත් වැනි ඉහළ යෑමක් සිදුවිය හැකි බවත් ඒ මහාත කීය. එම නිසා දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටී නම් ආරක්‍ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙස ද දැනුම් දී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති රතු නිවේදන අනුව නැඟෙනහිර පළාතේ අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකිය.
මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් විට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකිය. යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
මෙහි බලපෑම හේතුවෙන් පැල්පත්වල හා තාවකාලික ඉදිකිරීම්වලට හානිවීම, වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවීම, විදුලි සහ දුරකථන රැහැන්වලට හානිවීම, ගස්වල අතු කැඩීයෑම සහ මාර්ග අසල විශාල ගස් ගැලවී යෑම, වී වගා බිම්, කෙසෙල්, පැපොල් වැනි වගාවන්වලට හානි වීම, ක්‍ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීම සහ වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බලපෑමෙන් මිදීම සඳහා වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථානවලට ගමන් කිරීම, කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නාය අවදානමක් සහිත ප්‍රදේශවල) සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්වීම, කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිතා කර රථවාහන පදවන්නන් මේ සම්බන්ධ දැනුවත් වීම සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීමට කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 29ක් ඊයේ (08දා) වාන් දැමීම හෝ දොරටු විවෘත (දොරටු විවෘත කිරීම 17) කිරීම සිදුකර ඇතැයි ද මධ්‍ය පරිමාණ ජලාශ 24ක් (02 දොරටු විවෘත කිරීම) වාන් දැමීම වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි. එම ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට අසූදෙකයි දශම හයක් (82.6%) ලෙස ද වාර්තා වී තිබිණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදී ඇති පුරෝකතනයන් අනුව ඌව, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුර යන පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති නිසා අම්පාර, මඩකළපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින නිසා එම දිස්ත්‍රික්ක තුළ පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත් බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..