News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ජාතික ජන බලවේගය (NPP) කියා සිටින්නේ මෑතකදී අත්අඩංගුවට ගත් “පූවක්දණ්ඩාවේ සනා” නමැත්තා සමඟ තමන්ට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවයි.

මහනුවර ජාතික රෝහලේ LGBTQIA+ ලිංගික යහපැවැත්ම සායනයක් ආරම්භ කිරීම සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්ව අතර කතාබහක් නිර්මාණය වී තිබේ.

පිළිකාව යනු මිනිස් ජීවිතයේ පැවැත්මට දැඩි තර්ජනයක් එක්කර තිබෙන රෝගී තත්ත්වයකි.

සමලිංගිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අයට හිරිහැර නොකරන බවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පුද්ගලික ආයතනයකට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලිපියක් එවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

සමස්ත ලාංකීය ශිෂ්‍ය පරපුරේ අනාගතය අඳුරේ හෙලන අගතිගාමී NGO පනතට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද (03) පෙරවරුවේ බත්තරමුල්ල - ‘ඉසුරුපාය' අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විය.

බංග්ලාදේශයේ සුළුතර බෞද්ධ සහ හින්දු ජනයා ඉලක්ක කර කරනු ලබන ප්‍රහාර නතර කිරීමට මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

අලුතින් ගැසට් කරන ලද මිල සූත්‍රය හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය එම නව මිල සූත්‍රය අත්හිටුවන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එළඹෙන දෙසැම්බර් 4 සහ 5 යන දිනවල ඩොමිනිකන් ජනරජයේ පුන්ටා කානාහිදී පැවැත්වීමට නියමිත ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුවට සහභාගි වීම කියුබාව ඇතුළු රටවල් තුනකට ඉඩ නොදීම එක්සත් ජනපද රජය ගත් තීරණය පිළිබඳව කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සිය දැඩි කනස්සල්ල මෙන්ම එම ක්‍රියාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබයි.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.