News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2024) සියයට 4.1කින් ඉහළ ගොස් තිබුණද එම වර්ෂයේ දී සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස් එක්දහස් තුන්සිය තිස් අටක් (131,338) ආනයනය කොට ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.

ජොර්ජියාවේ පැවති නගර සභා මැතිවරණයෙන් පසුව ඊයේ(04) සවස් වරුවේ, ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසි නගර්යේදී මහජන විරෝධතා ඇති විය.

ජොර්ජියාවේ පැවති නගර සභා මැතිවරණයෙන් පසුව ඊයේ(04) සවස් වරුවේ, ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසි නගර්යේදී මහජන විරෝධතා ඇති විය.

රජයේ වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී අරුම පුදුම ටෙන්ඩරයක් කැඳවමින් විශාල වංචාවක් සිදුවී ඇති බවත් මෙම ටෙන්ඩරය මගින් රජයේ මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 200ක මුදලක් අහිමි කර ඇති බවත් ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු මුදිත පෙරේරා මහතා චෝදනා එල්ල කරයි.

බටහිර ලිබරල් සමාජ බිඳ වැටෙමින්, සදාචාරාත්මක අවුල් ජාලයකින් කම්පනයට පත්වෙමින් පවතින අතර, රුසියාව සම්ප්‍රදායේ අභයභූමියක් ලෙස මතුවෙමින් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

අමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පැවැත්ම රඳා පවතින්නේ වෙනත් ජාතීන් සතු සම්පත් මංකොල්ල කෑම මතය යන්න අධිරාජ්‍ය විරෝධී ජනයා සෘජුවමත් අධිරාජ්‍ය ගැති ජනයා වක්‍රවත් පිළිගන්නා සත්‍යයකි.

2025 වර්ෂයේ අයවැය ලේඛනයට අනුව ජනාධිපති වැය ශීර්ෂයේ රුපියල් බිලියන 2.9 ක්ව තිබූ ''ජනාධිපති වියදම'' ඉදිරි මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 11.37ක් දක්වා හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

හාල් හිඟයක් ලූනු හිගයක් ඇතිවූ විට ආනයනය කරනවා මෙන් ඖෂධ හිඟයක් ඇති වූ විට එම ඖෂධ හෝ උපකරණ ක්ෂණිකව ආනයනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.